ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු ගාස්තු වැඩිකරලා… කූට ව්‍යාපාරවලට අනුබලයක්…
April 3, 2021 at 6:26 am | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු වැඩිකරලා.. ජනතාව දැනුවත් කර නෑ…
ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු 2021/04/01 සිට වැඩි කර ඇත. මෙම ගාස්තු වැඩි කිරීමට පෙර මේ පිළිබදව ජනතාව දැනුවත් කල යුතු අතර එසේ ජනතාව දැනුවත් වීමක් සිදුකර නැත.ගාස්තු වැඩි කිරීමට අදාල ලිපිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වෙත යවා තිබෙන්නේ 2021/03/31 දින සවස් කාලයේ බව අප කල සොයා බැලීමකදී වාර්තාවිය. පෙර දැනුවත් නොකල නිසා ඊයේ දිනයේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් සේවය ලබා ගැනීමට ගිය ජනතාව දැඩි අපහසුතාවයකට පත්විය.
විශේෂයෙන්ම ඉඩමක් පිළිබදව ලේඛණ පරික්ෂා කිරීම ඇතුලු සේවාවල ගාස්තු වැඩි කිරීම නිසා ජනතාව ඉඩම් පෙර පරීක්ෂාව සිදු නොකිරීම තුළ නිරවුල් නොමැති ඉඩම් මිලට ගැනීමට යාමෙන් කූට ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වේ.මේ වන විට ඉඩම් ව්‍යාජ ලෙස අලෙවි කරනු ලබන කූට ජාවාරම්කරුවන් රටපුරා සිටින බව අප කවුරුත් දන්නා කාරණයකි. මෙම ගාස්තු වැඩි කිරීම ඔවුනට තම කූට ව්‍යාපාර වැඩි වැඩියෙන් සිදු කිරීම සදහා දෙන ලද අනුබලයක් ලෙසද සැළකිය හැකි බව අපගේ විශ්වාසයයි.
මෙම සේවා ගාස්තු අඩු කිරීම සදහා කටයුතු කරන ලෙසත් ජනතාව දැනුවත් කරන තුරු අදාල ගාස්තු වැඩිකිරීම වහාම නවතා දමන ලෙසත් අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
Rahasin thawa kopamana dewal wedi karala ethda. Maragena kapalla paula suwen hitapaiia kelaunoth americawata penapalla
බූරුවෝ…. තොගේ අම්මාද පඩි ගෙවන්නේ සේවකයින්ට. අනික්ස් ඔය සංශෝධනය කරන්නේ අවුරුදු 18කත පස්සේ
සේවය නිකන් දෙන්න ඕනෙද ආණ්ඩුව උනත්. 3% පල හොරු රට අමාරුවේ දාන්න කරන මුසල වැඩ
RS 20/= ක් තමා වැඩි උනේ copy යකට . infra නිකන් දෙන් නැහැ කවුරුත් . සේවක පඩි .
මහානුවර ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු ව පසුගිය කාලේ ඉඩම් ඔප්පුවල නොම්මර මාරු කර මුසල්මානුවන්ට සිංහලයන්ගේ ඉඩම් ලබා දුන්න ගැනත් සොයා බැලිය යුතුය.