ඉඩෝරයට නිමා කරමින් උතුරට මහ වැසි..

September 29, 2018 at 2:04 am | lanka C news
ඉඩෝරයට නිමා කරමින් උතුරට මහ වැසි..

මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි නියං කාලගුණය නිමා කරමින් මේ දින වල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමග විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත.

පසුගිය දින කිහිපය පුරාවට උතුරේ දිස්ත්‍රීක්ක වූ වවුනියාව, මන්නාරම්, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ට වර්ෂාපතනය ලැබූ අතර ඇත්ම් දිස්ත්‍රීක්කයන්ට ධාරාණිපාත වර්ෂාවන් ඇදහැලුනේ අධික සුලගක්ද සමගිනි.

පැවති සුලං හේතුවෙන්ද වව්නියාවේ දිස්ත්‍රීක්කයේ නිවාස කිහිපයකට හානි වීමෙන් පවුල් 9 කට අයත් පුද්ගලයින් 26 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කලමනාකරන මධ්‍යස්ථානය විසින් පෙන්වා දී ඇත.

උතුරට මේ දිනවල වර්ෂාව ඇද හැලුනද නියගය හේතුවෙන් සිඳී ගිය වැව් වෙත තවමත් ජලය රැස් වී නොමැති අතර වර්ෂාව නොකඩවා ඇදහැලුනහොත් වැව් වලට ජලය රැස්වෙනු ඇති බවට උතුරේ ගොවීහු කියා සිටිති.

කෙසේ වෙතත් වර්ෂාව ඇදහැලුනද නියං තත්වය හේතුවෙන් මේ වන විටත් උතුරේ පවුල් 104,584 කට අයත් පුද්ගලයින් 361,609 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනා කරන මධ්‍යස්ථානය විසින් පෙන්වා දී ඇත.

දිගු කාලයකට පසුව උතුරට ඇදහැලෙන වර්ෂාව ලැබීමත් සමග මෙවර මහකන්නයේ ගොවිත්න් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ගොවීන්ටද මහත් අස්වැසිල්ලක් වී ඇත.

2,428 Viewers
Main News