ඉතාලියෙන් ආ නිරෝධායනට ලක් නොවූවන් අල්ලන මෙහෙයුම්.. නිරෝධායනයට යවයි..

March 15, 2020 at 3:50 pm | lanka C news
ඉතාලියෙන් ආ නිරෝධායනට ලක් නොවූවන් අල්ලන මෙහෙයුම්.. නිරෝධායනයට යවයි..

මාර්තු පළවෙනිදා සිට 09 දක්වා වූ කාලයේදී ඉතාලියේ සිට මෙරටට පැමිණි පිරිස් වලින් නිරෝධායන ලක් නොවූ පිරිස් නිරෝධායන කිරීමට පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේ අද මාධ්‍ය අමතමිනි.

ඒ අනුව එම පුද්ගලයන් හදුනා ගැනීම සදහා මේ වන විටත් වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර ඇතැයිද ඔහු පැවසීය.

ඉතාලියෙන්, ඉරානයෙන්, දකුණු කොරියාවෙන් එන පිරිස් සඳහා නිරෝධායන කටයුතු ආරම්භ කිරීමට පෙර විශාල පිරිසක් මෙරටට පැමිණි බවට වාර්තා වීමත් සමග රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

187 views

9 Comments to “ඉතාලියෙන් ආ නිරෝධායනට ලක් නොවූවන් අල්ලන මෙහෙයුම්.. නිරෝධායනයට යවයි..”

  1. ජනක says:

    මේ කාලය අතර ඉතාලියේ සිට ආ පිරිස මේ රටේ ජනතාවට ශාපයක් නොවී කරුණාකර ස්වේච්චාවෙන් (තම කැමැත්තෙන්ම ) රජයේ අදාළ රෝහල වෙත ඉදිරිපත් වෙන්න .එසේ පැමිණීමට පෙර පළමුව අදාළ ආයතනයට දුරකතනයෙන් අමතා ඔබ ඔවුන් වෙත යනවද ඔවුන් ඔබ වෙත එනවද යන්න විමසන්න .ඔබ යායුතු නම් කරුණාකර පොදු ප්‍රවාහන බාවිතා නොකරන්න .
    සේව්චාවෙන් ඉදිරිපත්වීම ඔබේ පහසුවට හේතු වනු ඇත

    • 😥😥😥😥😥😥😥 says:

      ඔබගේ හැඟුම්බර ආයාචනය දැක මේ කියවන අප ඒ ගැන කෙතරම් සිතුවද ඔවුන් මෙයට ඉදිරිපත් නොවේ… නමුත් ඔවුන් මේ කල දෙයින් ” මාරයා ” ඔවුන්ගේ ගෙදරටම කැන්ඳගෙන ඇවිත් හමාරය..
      දැනට ඉතාලියේ වෛරස් උවදුරට 21,157 ක් ගොදුරුවී ඇත. ඉන් 1,441 මරණට පත්වී ඇත.
      ලංකාවෙන් ඉතාලියට ගොස් හොරෙන් සිටි අයට ඉස්පිරිතාලවලින් බෙහෙත් ගැනීමට අපහසුය. ඒ නිසා ඔවුන් එරටින් රහසේම අපේ රටට පැන එති. අනෙක ඉතාලියේ සිටි අපේ කොල්ලෝ 95% සිගරට් හා මත්වතුර පුරුද්දක් හැටියට දිනපතා බොන නිසා ඇඟේ ප්‍රතිශක්තිකරනය අවම වී ඇත. දිනකට සිගරට් 40 බොන ඒ අයට පෙනහලුවල හැදෙන රෝගයෙන් ගැලවීමක් තියේවිද?

  2. උ-සාවිය🥵🥵😥😥😍 says:

    ඒකත් අර රවිය පොලෝසියෙන් හෙව්වා වගේ වෙයි..!😁😁😁😁😁

  3. 😡😡😡😡😡😡😡 says:

    රටට ඇතුලුවෙන කොට පාස්පෝට් එක දෙනගමන් පන්දාහේ කොලයක් ඒක අස්සේ දාල වෙන්න ඇති මුං රටින් එලියට එන සීල් එක ගහගන්න ඇත්තේ…නැත්නම් කොහොමද එලියට ආවේ..? 😡😡😡

  4. Upul says:

    These people should voluntarily come forward and go to quarantine. This must be the thing that they should do as responsible citizens. Please do that to help the government to eliminate this crisis.

    • Me says:

      “As responsible citizens”, are they? They never take responsibility for their own deeds.

  5. gamarala says:

    මේ පැනගිය නුගත් මෝඩයන් ගැන කණගාටු වෙනවා

  6. MD says:

    Covid 19 Asadithayaku alla dena kenekuta Rs.50000 dena bawa police niwedanayak damanna.

  7. anzar says:

    දැන් වැඩක් නැ විදේශ විනිමයත් එක්කම දැන් ගත්තානේ සැපද

Main News