ඉතාලියෙන්, කොරියාවෙන්, ඉරානයෙන් එන සියළු මගීන් සති දෙකක් නිරෝධායනයට.. නැවුවලින් මගීන්ට ඇතුලුවීම තහනම්..

March 3, 2020 at 12:40 pm | lanka C news
ඉතාලියෙන්, කොරියාවෙන්, ඉරානයෙන් එන සියළු මගීන් සති දෙකක් නිරෝධායනයට.. නැවුවලින් මගීන්ට ඇතුලුවීම තහනම්..

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (03) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.

අනතුරුව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව එහිදී ගන්නා ලද තීන්දු තීරණ පිළිබදව දැනුවත් කිරිම සදහා විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම කරුණු අනාවරණය කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “කොරෝනා වෛරසය පැතිරීම වැළෑක්විම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා වූ පියවර පිළිබදව දැනුම්දීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වෙනවා. චීනයේ කොරෝනා වෛරසය පැතිරිම සීඝ්‍රයෙන් අඩු වුවත් ලෝකයේ රටවල් ගණනාවක මෙම වෛරසය පැතිරිම ඉතාම ප්‍රභලව සිදු වෙමින් පවතිනවා. චීන රජය මෙම වෛරසය මර්දනය කර ගැනීමට යම් ක්‍රමවේද භාවිත කරමින් යම් සාර්ථක මට්ටමකට පැමිණියත් අනෙක් රටවල් 262 ක රෝගය පැතිරීම තිබෙන නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය ගෝලීය තර්ජනයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.”

“එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහටත්, මේ සම්බන්ධයෙන් පත් කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව විදිහටත් අපි යම් යම් වැදගත් තීන්දු කිහිපයක් අද උදෑසන රැස් වූ කොරෝනා වෛරසය මර්දනය සදහා පත් කළ ජාතික ක්‍රියාකාරි කමිටුව විසින් ගනු ලැබුවා. එයින් එක් තීන්දුවක් විදිහට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන නිසා ගුවන් සහ නැව් මගින් එම රටවල සිට ලංකාවට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණි පසු සියලුම මගීන් දින 15 ක නිරෝධායනයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ මෙම වෛරසය පැතිරෙමින් පවතින තත්ත්වය මර්දනය කිරීම සදහා නිති පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් ක්‍රියාකාරි කමිටුවක් දිනපතා රැස්කරවීමටත්, ඒ සමිබන්ධයෙන් කටයුතු කිරිමටත් අපි තීන්දු කළා.”

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – “ලෝකයේ මෙම වෛරසය පැතිරීම සම්බන්ධව අපි අනතුරු තක්ෂේරුවක යෙදෙනවා. නවතම අවධානම් තක්ෂේරුවට අනුව තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවලින් ලොකු අවධානමක් නැහැ. දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය කියන රටවල් අවධානම් තක්ෂේරුවේ ඉහළින්ම සිටිනවා. දකුණු කොරියාවේ රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි මස 26 දින සිට 4212 ක්, ඉතාලියේ 1689 ක්, ඉරානය 1000 කට අධික ප්‍රමාණයක් වශයෙන් රෝගීන් වාර්තා වනවා. අප රට තුල වෛරසය පැතිරීම පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රියාවලිය තුල ගුවන්තොටුපලේ සිට ආවේක්ෂණය කර දින 14 ක් දක්වා එම මගීන් සිටින ස්ථාන ආවේක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර තිබෙනවා. ගුවන්තොටුපලේ නව පැමිණීමේ පිවිසුම් මාර්ග වැඩි කර තිබෙනවා. ප්‍රභූ පර්යන්තය ද ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුලත් කර තිබෙනවා.

රට තුල 1954 ක පිරිසක් පසුවිපරමට ලක්වෙමින් පවතිනවා. මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 679 ක්, චීන ජාතිකයින් 747 ක්, කොරියාවෙන් පැමිණි 380 ක්, සහ වෙනත් අය 148 ක් වනවා. මෙම පසු විපරමට ලක්වන අයගෙන් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ මහනගර සීමාවේ. එම පිරිස 677 ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථාන වෙත ගොස් එම පිරිස් වල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා. සුඛෝපබෝගී මගී නෞකා නිරෝධායන හා රෝග වැළැක්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාට පනතේ ලැබී ඇති බලතල අනුව අද දින සිට මගීන් ගොඩබැස්සවීම නවත්වනු ලැබුවා. එම නිවේදනය වරාය සංස්ථාවේ සභාපතිතුමාටත්, ආගමන විගමන පාලක තුමාටත් ඊයේ දින දැනුම් දුන්නා. නෞකා පැමිණීම නැවැත්තුවේ නැහැ. සේවා කටයුතු කරන්න, ඉන්ධන ලබාගැනීමේ කටයුතු කරන්න නමුත් මගින් ගොඩබිමට පැමිණීම තමයි වැළැක්වූවේ. මෙම වෛරසය රටට තුලට ඇතුලුව ජාතික ආපදා තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදී පැතිරිම පාලනය සදහා සෞඛ්‍ය අංශ නිරතුරුව කටයුතු කරනවා.”

– විරාජ් අබේසිංහ

235 views

8 Comments to “ඉතාලියෙන්, කොරියාවෙන්, ඉරානයෙන් එන සියළු මගීන් සති දෙකක් නිරෝධායනයට.. නැවුවලින් මගීන්ට ඇතුලුවීම තහනම්..”

  1. අපේ රට says:

    08.45 AM දි ප්‍රකාශවු කොරෝනා රෝගියා සම්බන්දයෙන් අප දැක්වු ප්‍රකාශයට, 12.45 PM ට රජය ගෙන ඇති මෙම තිරණය රටක් විදියට අගය කරන අතර පිටරට්න් අත්‍යවශ්ය දේ පමනක් ගෙන්වා අනිත් සියල්ලටම වැට බදින්න. මුදල් ගැන පමනක් සිතන පාපතරයෝ හොර රහසින් වැරදි කලහැකියි. ඒ අයට තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න. ජනයා අකමැති නැත. මතකද මුහුණු ආවරන වල ගනන් උස්සපු හැටි.

    • john says:

      Be careful… UNP/JVP/TNA/SLMC members will attempt to import corona infected people through boats and give them money to spread and later admit to hospital. They are that much crooks

  2. kamal says:

    කිරිබත්ගොඩ හිමි ඥාණසාර හිමිව පහදවයි
    පුතේ පුතා සහ විජේදාස රාජපක්ෂ කල සේවය ඤාණසාර හිමිට කරන්න බැරිවුනා . නමුත් කපටියි රත්තරන් ඇමයි ගිලින්නෙ මොකද කුට විදියට කපටිකම් කරනවා. නමුත් එක්කෙනෙක් හිටි උන් වහන්සේ බේරාගන්න ඒ කමල් කණුමලේ පළමු අදියර වශයෙන් මානසික රෝග සහ කායක රෝග වලට බෞද්ධ චිකිත්සාව තමාගෙ ඤාණයෙන් එක්කාසු කොට මානසික විද්‍යාව පිලිබද විවරණයක්ද කායික විද්‍යාව ගැන විවරණයක්ද හරියට 2020 මාර්තු 8 වෙනිදා කුණ්සාලේ මහමෙව්නාවට බාර දෙනවා. කැමති කෙනෙකුට 10 වෙනිදා සිට කුණ්ඩසාලේ මහමෙව්නාවේ සිට රෝග නිවාරණය පිලිබද බුදුන්ගෙ ඇසින් දැකිය හැක. නමුත් එකක් තියෙනවා උඹලා නිවට වැඩි බුරුවො මාත් එක්ක එ්කයි මට කියන්න තියෙන්නෙ මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි

  3. DM says:

    ඉතා හොඳ ඥානාන්විත ක්‍රියාවක්. සැම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක කරන්න, දේශපාලකයන්ගේ හෙන්චයියලාද ඇතුළුව.

  4. Kanishka Wijesinghe USA says:

    Very good cautious move by the government. Corona outbreak needs mesures like this for its to stop spreading. According to Sunday Divaina unfortunately Korea doesn’t have any of these sort of precautions in place to control the spread of disease in Korea and also Macho Korean society don’t think much precaution is needed for it. No schools, offices closed and people are going to work some even doesn’t take any precautions to wipe their hands etc.
    Even though China by its government involvement managed to reduce of spread of Corona Korea is going to have a huge disaster.
    Glad to see Sri Lankan government doing best it can to stop this like a developed country.

  5. Corona Virus disaster which is spiralling out of control in the world now can become very dangerous and horrendous for Sri Lanka due to the Mosquito problem in the country as mosquitos are everywhere in Sri Lanka as a result infection of Corona virus can spread very fast in Sri Lanka.

  6. You idiotic fool Nuwan!! You talk like a Virological Medical Specialist!! The real nature of the Corona Virus decease has not yet been fully assessed even by the Developed world, that is why the whole world is so scared of this Virus decease right now. Besides any Virus infectious decease like HIV, Influenza, Pheuneoumonia or any other Virus related decease can easily be transmitted to another through an infected patient’s blood by any means. You better get your facts right before insulting others you Idiot!!

Main News