ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වසර 25 කට පසුව යාපනයට ගෙනවිත්…
April 9, 2019 at 8:02 am | lanka C news
ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුරක් යුද්දය හේතුවෙන් මෙරටට ගෙන ඒමට නොහැකි වීමෙන් පසුගිය 6 වැනි දා එම මළ සිරුර යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කිරීමට මිය ගිය අයගේ බිරිඳ විසින් කටයුතු කොට ඇත.
මීට වසර 25 කට පෙර ඉතාලියේ දී මියගිය යාපනය චාවකච්චේරිහි පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා 49 වැනි වියෙහි පසු වූ එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා ඉතාලියට ගොස් රැකියාවක් කරමින් සිටියදී හදිසියේ රෝගාතූර වීමකින් 1994 මැයි 24 වැනි දා මිය ගොස් ඇත.
නමුත් ඔහු මිය යන අවස්ථාවේ ශ්රී ලංකාවේ යුද්ධය දරුණුව පැවති අවස්ථාවක හෙයින් දේහය මෙරටට ගෙන ඒමට නොහැකි දේහය සුරක්ෂිත කිරීමේ සමාගමක් විසින් අදාල දේහය අවුරුදු 25කට ආරක්ෂාකාරීව තබා ගැනීමට ගිවිසුම් ගත වී ඇත.
කෙසේ වෙතත් ශ්රීලංකාවේ යුද්ධය මීට වසර 10 කට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව 25 වසරක් ගතවන තුරු අදාල සමාගම සිරුර නිදහස් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් වසර 25 ක් පුරාවට අදාල මළ සිරුර ඉතාලියේ සුරක්ෂිතව තිබූ අතර වසර 25 පිරීමෙන් පසුව සිරුර අයිති කරුවන් වෙතට භාර දීමට අදාල සමාගම විසින් පියවර ගෙන ඇත.
අදාල මළ සිරුර නිදහස් කිරීමෙන් පසුව සිරුර මෙරටට ගෙන්වා අවසන් ගෞරව දක්වා මිහිදන් කිරීමට මිය ගිය ස්ටීවන් ජෝර්ජ් නැමැත්තාගේ භාර්යාව කටයුතු කර ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Heard for the first time
This man was LTTE member or what?