ඉතාලි කොරියා සිට එන චණ්ඩින්ගේ ගෑස් බහී.. හරවා යවාවි යයි බියෙන් සද්ද නැතිව නිරෝධායනයට යයි..

March 13, 2020 at 6:22 am | lanka C news
ඉතාලි කොරියා සිට එන චණ්ඩින්ගේ ගෑස් බහී.. හරවා යවාවි යයි බියෙන් සද්ද නැතිව නිරෝධායනයට යයි..

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණි තවත් 200 ආසන්න පිරිසක් ඊයේ දිනයේදීද නිරෝධායන සඳහා මධ්‍යස්ථාන තුනක් සදහා යොමු කර ඇත.

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය, කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය සහ දියතලාව යුද හමුදා කඳවුරට මෙම පිරිස ඊයේ දින රැුගෙන ගොස් තිබින.

ඊයේ දිනයේ දී පැමිණි කිසිවෙකුත් පෙර දෙදින පැමිණි කණ්ඩායම් මෙන් සැප පහසු කාමර පහසුකම් ඉල්ලීම හෝ නිරෝධායනය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර නැත.

යුද හමුදාව විසින් කලින් දින නිවේදනය කරන ලද්දේ කිසිවකු නිරෝදායනය සඳහා අකමැත්ත දක්වන්නේ නම් ඔවුන් පැමිණි රටවලටම ආපහු හරවා යවන බවයි.

එමෙන්ම සැප පහසුකම් මදි පුද්ගලයන් වෙතොත් ඔවුන් සඳහා ගෙවීමේ පදනම මත කොළඹ තරු පන්තියේ හෝටල් සූදානම් කිරීමේ කටයුත්තක්ද වාර්තා විය.

93 views

9 Comments to “ඉතාලි කොරියා සිට එන චණ්ඩින්ගේ ගෑස් බහී.. හරවා යවාවි යයි බියෙන් සද්ද නැතිව නිරෝධායනයට යයි..”

  1. Ganganath says:

    it is good decision.Because they must think about other people. don’t give a chance to be a selfish.whatever their position or whatever their country they must follow country rule.without punishment canot get to proper path our people

    • Dilshan says:

      Very true it is the only way that works fear for law and punishment for breaking it. No exceptions everyone should pay the penalty if they break the law. The punishment Must be Severe in times like this

  2. SB says:

    ලංකාව තුළ ශරියා විද්‍යාල නොමැත.. කරුණාකර අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා නොදී.. මින් ඉදිරියට භාවිතා නොකරන්න.

  3. THIS GOOD ALSO,there must be a panishment to the only people who that they mmake problem that time.

  4. Shan says:

    You are correct SB . There is no sharia university in Sri Lanka . Please name it as the Batticaloa campus or university. If people do this mistake it will be difficult to correct it later .

  5. Ravi says:

    This is the level of our Sri Lankan cardboard Sando.
    All talk, no action!

  6. Chinthana says:

    That’s what they all say…… That’s what they mean …. We all must obey them ….. Even the Queen …..

  7. හාවා says:

    කෙවිට නැතුව ඔය කට්ටිය මෙච්චල් වෙන්නෙ නෑ .

Main News