ඉතාලි කොරෝනා ත‍්‍රස්තයන් රටට කොරෝනා බෝකල හැටි හෙලිවෙයි.. ඉතාලියේදීම හොරෙන් පැනඩෝල් බීලා ඇවිත් ගුවන් තොටේත් යකා නටලා..

March 14, 2020 at 10:32 pm | lanka C news
ඉතාලි කොරෝනා ත‍්‍රස්තයන් රටට කොරෝනා බෝකල හැටි හෙලිවෙයි.. ඉතාලියේදීම හොරෙන් පැනඩෝල් බීලා ඇවිත් ගුවන් තොටේත් යකා නටලා..

කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

” මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා” වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

– nethnews

346 views

42 Comments to “ඉතාලි කොරෝනා ත‍්‍රස්තයන් රටට කොරෝනා බෝකල හැටි හෙලිවෙයි.. ඉතාලියේදීම හොරෙන් පැනඩෝල් බීලා ඇවිත් ගුවන් තොටේත් යකා නටලා..”

  1. Gama Rala says:

    Marana Daduwam laba diya uthui ……….

  2. සරා says:

    මීට පැය කිහිපයකට ‌ෙපෙර දැනට ‌ෙමේ ‌ෙමොහොතේ ඉතාලියේ් ඉන්න මම දන්න ‌ෙකෙනෙක් කතා කරා.මම ඇයගෙන් ඇහුවා ඇයි ‌ෙමේ ‌ෙමොහොතේ ලාංකිකයන් ලංකාවට එන්න ‌ෙවෙර දරන්නේ කියලා.ඇය කියන්නේ ඉතාලියේ ‌ෙමේ ‌ෙමොහොතේ ‌ෙරෝහල් ‌ෙලෙඩ්ඩුන්ගෙන් පිරිලා ඉතිරිලා කියලා.ඉතින් ලාංකිකයන් ඇති ‌ෙවෙලා තියෙන බිය නිසා ලංකාවට එන්න ‌ෙවෙර දරනවා කියලා.ඒ වගේම ඇය කිව්වා ඉතාලියේ ‌ෙමෙම ‌ෙලෙඩය නිසා මැරෙන අනුපාතය 40%ක් වගේ කියලා.ඒවගේ ‌ෙමෙම ව්‍යසනයෙන් ඒරටට ‌ෙගොඩ එන්න සැහෙන කාලයක් යාවි කියලා.කිසිම පුද්ගලයෙකුට පාරට බහින් පවා තහනම්ලු.ඒ නියෝගය කඩ කරොත් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක විතර දඩයක් ගහනවලු.ඒකට මුළු රටම බයලු.ඉතින් ‌ෙබොහෝ ලාංකිකයන් පිරසකටත් ‌ෙකොරෝන හැදලාලු.ඔවුන් පැරසිට ‌ෙමොල් ගහලා ‌ෙහොර පාරෙන් ලංකාවට එන්න දගලනවාලු.

    • Bitter Truth says:

      ආවට කමක් නෑ. හැබැයි තමන්ගේ ඇත්ත තත්වය දැනුම්දිය යුතුයි.

      වැලේ ගෙඩි වැලට බර නැහැ. අපේ රටේ මිනිස්සු බලාගන්න එක අපේ වගකීමක්.

    • මේ අවස්ථාවට මුහුන නොදුන් ලංකාවේ සිටින අයට පොර ටෝක් දෙන එක ලේසියි.. මෙහිදී මානුෂීයව ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සිතිය යුතුයි.. ඔවුන්ගෙන් සමහරක් ගොං තකතීරුවන් ලෙස හැසිරුන බව සැබැයි.. හැබැයී බහුතරය එසේ නොවෙයි.. ඔවුන් අපේම රටේ සහෝදරවරුන්.. ඔවුන්ගෙන් ගාස්තුවක් අය කර හෝ ඔවුන්ව නිරෝධනයට ලක් කර, ඔවුන්ට තම මව් බිමට ඒමට අවසර දිය යුතුයි..
      එහෙත් නිරෝධායන පහසුකම් වල දැනට ඇති තත්වය අනුව වරින් වර මව් බිමට ඒම තහනම් කිරීම සාධාරනයි.. එක කන්ඩායමක් නිරෝධායනය අවසන් කළ පසු ඉතාලියේ සහ යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ට නැවත ලංකාවට ඒමට ඉඩ සැලැස්විය හැකියි.. මෙය ක්‍රමානුකූලව කළ හැකියි..
      ශ්‍රී ලාංකිකයන්ට මව්බිමට ඒමට ඇති අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමකි..

      • Bitter Truth says:

        අනිවාර්යයෙන්ම! අදටත් අපේ රටේ රජය ගුවන් තොටුපළ වහන්නෙ නැතිව, රට ඉඳන් එන අපේ අයට එන්න ඉඩ දීල තියෙන්නේ ඒ නිසා තමයි. හැබැයි තමන් ආවෙ අවදානමක් පවතින රටක ඉඳලා කියන එක ඒ අය තේරුම් ගත යුතුයි. රජය ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය දිය යුතුයි. හමුදා සහෝදරයන්ට රාජකාරි කටයුතු කිරීමට උදව් කල යුතුයි.

    • Keerthi raja says:

      මුන් ගැන හොඳට හොයල බලන්න මුන් ඔක්කොම ඉතාලියේ 3% නේ ගැන්සිය…මුන් ට ඕන වුණේ හැමදාම ලංකාව අස්ථාවර රටක් හැටියට තියන්න ..ඒක නිසා තමයි ලංකාවේ කෑම , තෙල් හිඟ වෙනවා කියලා ආරංචිය පතුරලා බිමල් එහෙම ගිහින් ඉක්මණට කෑම එකතු කළේ …ආනන්ද ඉස්කෝලෙ ගාව දෙමාපියන් කුලප්පු කරේත් මුන් තමයි …මතක නේද 1987 ඉන්දීය බිල්ල මවල රට ගිනිබත් කරපු හැටි ….JVP කාරයෝ කොහොමත් සිංහල ජාතියට වෛර කරන පිරිසක් ..මුන් ගේ පක්ෂයෙන් ඉවත් වුන එවුන් NGO අටවා ගෙන කරන්නේ සිංහල ජාතියට කෙලවන වැඩ කරන එක තමයි …හොඳට හොයල බලන්න….

      • අල්ලපු ගෙදර තිනන් says:

        නෙදකිං 3% සක්කිලි

        ඕකුන් ගිය තැන විනාසයි. මෙදා ඡන්දෙන් අපි උඹලව 0ට බස්සනවා.

    • aniwa says:

      come on man, we live in 21st century, who are you trying to fool. any 7 year old can check facts on the internet.
      this virus only has 1-2% mortality rate, go fly a kite before spreading false news.
      People just check news on WHO or any reliable source backed by scientists and doctors before making any judgement.

  3. LionHeart says:

    The cost of quarantine of the rest of the Italian cohort must be recovered from these two criminals.

  4. Dukai says:

    Lede hadila kiyala danagena lankawata awith panala gedara yanna haduwe, gedara inna ayatawath adare nadda? Panala gihin lede hodakaraganna hithuwe kohomada?

    Lankawata awa wele kiyala ispirithale giyanam iwarai neda. Mata therum ganna baha me minissu monawa hithan da mewa kale kiyala.

    Lankawata kihethma athul wenna denna eka nawayhwanna hama ratakinma.

  5. ගිරිගෝරිස් says:

    දුරදිග බලල තීන්දු තීරණ නොගැනීමේ විපාක තමයි මේ. මාසකට එයාර්පෝට් වහල තිබුනනම් රට සුරක්ෂිතයි. රට රකින්න ආපු විරුවගෙ කයිවාරු විතරයි. වැඩ නෑ.

    • අල්ලපු ගෙදර තිනන් says:

      මොට්ට මෝල් කතා කියලා තමන්ගේ මෝඩකම පෙන්නන්න ගිරිගෝරියෝ,

      ගුවන් තොටුපළ වහලා අපේ මිනිස්සු පිටරටවල අනාත කරන්නද කියන්නේ.

      නරකද උඹ කෑම බීම නොගෙන මාසයක් හිටියා නං? උඹේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා එහෙනං

    • Bitter Truth says:

      කහක කමට දොඩවන්න එපා. රජය නියමිත පරිදි දුරදිග බලලා ගත්තු තීරණ නිසා තමයි මේ තරමින් වත් අපි බේරිලා ඉන්නේ.

  6. Nilame says:

    Deserves to label these idiots as “terrorists “intended to be spreading deadly virus to general public!

  7. People like or not Please do the best solution to protect our Land. SAFTY FIRST

Main News