ඉතා දුර්ලභ සුදු ඉත්තෑවකු හමුවේ…

January 3, 2022 at 2:06 am | lanka C news
ඉතා දුර්ලභ සුදු ඉත්තෑවකු හමුවේ…

කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ  මන්දකට හසුවී අසාද්‍ය තත්වයේ සිටි දුර්ලභ ගණයේ ඇලි(සුදු) ඉත්තෑවෙකු හමුවී තිබේ.

කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ එම්.පියතිස්ස මහතාගේ නිවස අසලට මන්ද සමග පැටලී පැමිණ සිටි මෙම ඉත්තෑවා  පිළිබදව ඔවුන් විසින් උඩවලව  වනජීවි කාර්යාලයට දැනුම්දී ඇත. වනජීවී නිළධාරීන් පැමිණ මන්දෙන් මුදාගත් මෙම සුදු ඉත්තෑවා  උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් රදවාගෙන ප්‍රතිකාර ලබාදේ.

මෙම සුදු ඉත්තෑවාට ප්‍රතිකාර ලබාදෙන උඩවලව වනජීවී කලාපය භාර විජිත පෙරේරා මහතා සදහන් කරන්නේ  මෙවන් සත්වයෙකු හමුවීම දුර්ලභ තත්වයක් බවත් මෙම සතා මන්දෙන් මිදීම සදහා ගන්නා ලද උත්සාහයකදී  එයට සිරවීමෙන් ගැඹුරු තුවාලයක් ඇතිවීම හා තිබෙන තැලුම් නිසා ඉතා සූක්ෂමව ප්‍රතිකාර සිදුකරමින් සිටින බවයි.

ඉත්තෑවාට ප්‍රතිකාර දෙමින් කූඩුවක රදවා තිබෙන අතර සුදු ඉත්තෑවාගේ තත්වය නිරීක්ෂණය තරමින් ඉදිරියේදී ප්‍රතිකාර කරන ආකාරය හා ඒ තත්වය තීරණය කරන බව වෛද්‍යවරයා කීය.

– ප්‍රගීත් ජනක

48,545 views

6 Comments to “ඉතා දුර්ලභ සුදු ඉත්තෑවකු හමුවේ…”

  1. හිකනලා says:

    වැඩ බැරි පශු වෛද්‍ය නඩය මේ සතාවත් ඉවර කරලා දාවි. කලින් වතාවේ යසට හිටපු කලු කොටියා මරා දාපු හැටි හැමෝම දැක්කා. කටේ සිරිංජය ගහගෙන ලොක්කා වගේ සතාට බෙහෙත් විද්දේ. කැලෑ සතුන් බෙහෙත් විදලා සනීප කරන්න බැහැ කියලා මුන් දන්නේ නැහැ.

    • Sajja says:

      කැලෑ සතුන්ට ඇන්ටි බයෝටික් ඕන නැද්ද?

  2. Kdtv says:

    Thathwaya yahapath une neththan wedi dura prathikara sadahaa yawandoo.

  3. shiranthi sandanayake says:

    මද්ද ගහන මිනිස්සු මේවටම අහුවෙලා මැරිලා යන්නේ නෑනේ. මුන්ට විරුද්ධව නඩු දාන්න තියෙන්නේ. අහිංසක සතෙකුට ජීවත්වෙන්න විධියක් ඇත්තෙම නෑ, මේ සිිරි ලංකාවේ නම්.

  4. Janaka says:

    එකෙන්ම උඩවලවෙ නඩය ගැනනං කතා කරලා වැඩක් නැහැ සනීප කරපු සතෙක් ගැන මම නම් අහලා නෑ

  5. අමල් පෙරෙරාෆෙන් ඈත්කර තබන්න

Main News