ඉතා රහසිගතව තබාගෙන සිටි හක්බෙල්ලන් 2432ක් අත්අඩංගුවට..

November 8, 2019 at 2:02 am | lanka C news
ඉතා රහසිගතව තබාගෙන සිටි හක්බෙල්ලන් 2432ක් අත්අඩංගුවට..

මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව හා මන්නාරම පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කල විශේස සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 2432 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය නිලධාරීන් පිරිසක් එක්ව මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල හදීසි සෝදිසි කිරීමකදී අදාල හක්බෙල්ලන් තොගයක් නිවසක සගවා තිබියදී පුද්ගලයෙකු සමඟ  නාවික හමුදා බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,107 Viewers

Leave a Comment

Main News