ඉතා සතුටුදායක මොහොතක්.. ඔවුනට බහුතරය නෑ…- ලංකාවට එරෙහි යෝජනාව සම්මත වීම ගැන දිනේෂ් මාධ්‍ය හමුවේ..
March 24, 2021 at 10:00 am | lanka C newsශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සම්මත වීමෙන් පසු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එය ඉතා සතුටුදායක මොහොතක බවයි.
කවුල්සිලය නියෝජනය කරන රටවල් 47 කින් බහුතරයක පක්ෂපාතීත්වය එම යෝජනාවට ලබා ගැනීමට අසමත් වී ඇති බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට විරුද්ධ එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නේ රටවල් 22ක් පමණක් බවද පැවසූ ඔහු සෙසු රටවල් 25ම එම යෝජනාවට එකඟ වී නැති බවද සඳහන් කළේය.
විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ බහුතරයක් රටවල් යෝජනාවට එකඟතාවය නොදැක්වූ බවද පැවසූ ඇමැතිවරයා එමගින් පෙන්වන්නේ බටහිර ප්‍රබල රටවල මතයට කොන්දේසි නැතිව එකඟ වීමට තවදුරටත් එම රටවල් සූදානම් නැති බව යැයිද පැවසීය.
විදේශ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙසේ අදහස් පල කලේය.
අම්මෝ ඒ ලොජික් එක
2019 ජනාධිපතිවරණය
ගෝඨාභය මහතා – ලක්ෂ 69
සජිත් මහතා – ලක්ෂ 55
ඡන්දය ප්‍රකාශ කරේ නැති – ලක්ෂ 26
55+26 = ලක්ෂ 81
දිනේෂ් ගුණවර්ධන නාකි හමිපඩයා කිසිසේත්ම විදේශ ඇමතිකමට සුදුසු නෑ. ඊට ජාත්‍යන්තර සබඳතා මෙහෙයුම් ගැන මනා පරිචයක් ඇති අයෙක් පත්කළ යුතුයි. ජ්‍යෙෂ්ඨයින් කියා මෙවැනි අපතයින්ට වගකිව යුතු තනතුරැ දීමෙන් රජය දිනෙන් දින අප්‍රසාදයට ලක්වීම වලක්වන්න බෑ. මෙයා විශ්‍රාම යැවිය යුතුයි.
අනේ බූරුවා උඹ දන්න ජ්‍යාත්තන්තරය
Very nice excuse not to accept the reality. Please go and tell this to the UNHRC, without just trying to deceive the people here.
අම්මගෙ රෙද්ද තමයි….ඔය වගේ ටෝක්ස් දිදී හිටපල්ලා..
බහුතරයක් නැතිව කොහොමද යෝජනාවක් සම්මත වෙන්නෙ……? ඡන්දය දීමෙන් වැලකී සිටීම බහුතරයට ගන්නවා නම් එක රටක් ඡන්දය දීලා අනික් ඔක්කොම ඡන්දයෙන් වැලකුනත් සම්මතයිනේ.
අපි දුක් වෙන්න ඕනේ අනික් රටවල් ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකිරීම ගැන. ඒ කොහොමවුනත් දැන් ඒ යෝජනාව සම්මතයි. මම හිතන්නෑ ලංකාවට විරුද්ධව යෝජනාව සම්මතවීම සමරන්න හේතුවක් කියලා.
ජිනීවා එකට අයිතිය මොකද්ද අපේ රටේ සන්වර්දන වැඩ නවත්වන්න. සුද්දන්ගෙ ඉරිසියාව.
අපිට ඕන කැලයක් අපි කපනවා. හරියට තලේබාන්ලා බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාශ කල වගේ. උන්ගේ ප්‍රතිමා උන්ට ඕනෙනම් විනාශ කළා.