ඉතිහාසයේ ආසාර්ථකම පාලනය මේ ආණ්ඩුවයු.. ජනතාව පාරට බහින්න සූදානමින් ඉන්නේ..

February 7, 2021 at 2:10 pm | lanka C news
ඉතිහාසයේ ආසාර්ථකම පාලනය මේ ආණ්ඩුවයු.. ජනතාව පාරට බහින්න සූදානමින් ඉන්නේ..

මෑත ඉතිහාසයේ ගොඩනැගුණු ආණ්ඩුව ඉතාම අසාර්ථකම පාලනය වත්මන් ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

කෙටි කාලයක් තුළ මෙතරම් පිරිහීමකට ලක් වුණු වෙනත් ආණ්ඩුවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ආණ්ඩුව කිසිම අතකින් සාර්ථක නැති බවත් ආර්ථිකය අතින් ද නීතිමය අතින්ද ආණ්ඩුව පිරිහී අවසන් බවත් ඔහු සදහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

වත්මන් පාලනයට එරෙහිව ජනතාව පාරට බහින්න සූදානම් වී සිටින බවත් ඒ සඳහා නායකත්වය දීමට තම පක්ෂය සුදානම් බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

22,461 views
Main News