ඉතිහාසයේ දැවැත්නම වැඩ වර්ජනය 21 වැනිදා සිට..- GMOA
September 13, 2017 at 1:20 pm | lanka C news
සයිටම් ගැටළුවට මේ මස 21 වන දින පිලිගතහැකි විසදුමක් ලබා නොදුනහොත් මෑත් ඉතිහාසයේ සිදුවන දැවැන්තම ඒකාබද්ද වැඩ වර්ජනය කැදවීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
මෙම ගැටළුවට විසදුමක් දීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුව මේ වන විට සිදු කරන්නේ වෛද්‍ය සභාව හෑල්ලුවක ලක් කිරීම බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
දැනටත් දිස්ත්‍රික්ක මට්ටමින් රෝහල්වල සංකේත වැඩ වර්ජන ක්‍රියාත්මක කර ඇති බවත් මෙම තත්වය නොතකා කටයුතු කලහොත් මෙම දැවැන්ත වැඩ වර්ජනය කැදවන බවද ඔහු කියා සිටියේය.