ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල

October 29, 2021 at 10:22 pm | lanka C news
ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල

ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.

ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.

මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

106,059 views

50 Comments to “ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිල”

  1. Manodaya says:

    අන්දරේ පුතේ උඔ කටෙත් පස් මගේ කටෙත් පස් කියමින් රඩජ්ජුරුවන්ගෙ සීනි පැදුරම කෑවලු.

  2. පබිලිස් says:

    විපක්ෂ නායක තම නායක කම පාට්ලි චම්පික ගෙ න් බේරාගැනීමට ආන්ඩුව එක්ක ඩීල් . ජේවීපී ජොක්කු පස්සෙ යි, හරනල් කටු පස්සෙ යි,ජොගින් ට්‍රෙක් පස්සෙ යි චි චි බේබි ක්‍රිකට් ගහන පස්සෙ යි දුවනවා.
    රටේ ජනතාව ට හරිහමන් විපක්ෂ යක් නෙති වෙලේ ඔබලා කරන සේවය අගයමී

  3. රාජන් says:

    ආණ්ඩුවෙන්ම දියත් කළ තවත් එක් නාටකයක් පමණි !

  4. 69 MIN BAIYOO says:

    ඇමරිකානු ජාතික B A Sil මේ සැරේ ගහන්නේ අන්තිම ගේම. මිනිහගේ අන්තිම බලාපෙරොත්තුව ඇමරිකාවේ පැන්ෂන් ගිහින් එහෙම මැරෙන්න.

    ලංකාවට මොනවා උනත් මිනිහට ගානක් නෑ. අර පාර්ලිමේන්තුවේ වසුපෙල ඉන්න උන්ටනන් මුගෙන් තොර පැවැත්මක් නෑ.

  5. ඉතිහාසයේ දූශිතම යුගය බිහිවුනේ බැසිල් ලංකාවට ආවට පස්සෙ , කියලා කියන්න මහත්තයෝ ! ද්විත්ව පුරවැසි ගැටලුවේදී ගෝඨාභය ස්ංවේදි වුනේ, ඩලස් ඇමතිකමෙන් අයින් කර බත්බැලයෙකුට ඇමතිකම දුන්නෙ, නැගෙනහිර ජැටිය විකුනගෙන කන්න හැදුවේ, විමල්ට,උදයට, වාසුට, බත් බැලයින් ලවා මඩ ගැස්සෙවුවේ ,, බැසිල් ඇමරිකා ඉදලා ලංකාවට ගෙන්න ගෙන මුදල් ඇමතිකම් දුන්නේ කලින් ගහපු plan වලට !

  6. C.c Antony says:

    මේකරන්නේ චීන කොන්ත්‍රාත්තුවක් බැරිද….

    • Makka says:

      Exactly!
      Read more about Chinese bribes. Read all twitter reeds of WHO leader from 2019 December onwards. Ask any kid, he will explain his behaviour. Compared to that, these guys can be bribed with CCP one member’s kids pocket money. LOL

  7. Sena says:

    අන්ත දූෂිත මහින්ද යුගය ගැනඋඹේ කටින් කියවුනේ නැත්තේ මොකද

  8. Balana Rala says:

    What a destruction…….
    President should either decide to govern the country based on true values or should call for a fresh election and let the people decided what they want and who can take the country to their expected levels.
    The destruction behind all these us Bassil Rajapaksha…..no one else…..that’s the truth. Nothing but the truth…..
    Being an American citizen what he cares about Sri-Lanka….
    I don’t know why? Mehema wenne ai?

    • Citizen says:

      This Government is already operating outside the Manifesto and has no mandate to continue

      A fresh election is needed.

  9. 0.69 MIN BAIYOO says:

    කෑගහනව විතරයි, මිනිසුන්ව චූන් කරන්න. අන්තිමට ආන්ඩුව ගේන හැම පනතටම අත උස්සනව. බොරැ පඩ ෂෝ. මෙයාට රාජපක්ෂ අසූචි වලින් තොර ලෝකයක් නැහැ 😂😝😜
    නියම දේශප්‍රේමීන් ඉන්නෙ ජේවිපි එකේ විතරයි .උං රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම පක්ෂය .බොරු කතා වලට සංවේදී වෙලා රට වලපල්ලට නොදා රට බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  10. Ayotallah says:

    Just imagine the faults of this Goverment 1 Messed up teachers salary issue 2 Banned chemical fertilizers of advice of 3 people ( AP AR and Yapa)3 Gas cement milk powder prices skyrocketed including the vegetables 4 no end to Sancharana seema 5 No vehicle imports other than them. 6 LPgas on;y to a US company Hit everyone

Main News