ඉතිහාසයේ පලමු වරට එජාපය පරදා කොළඹ නගර සභාව ජය ගන්න පොහොට්ටුව සූදානම්..

March 21, 2017 at 7:06 am | lanka C news
ඉතිහාසයේ පලමු වරට එජාපය පරදා කොළඹ නගර සභාව ජය ගන්න පොහොට්ටුව සූදානම්..

ශ්‍රී ලංකාවේ ලබාලම පක්ෂය වන ශ්‍රීලංකා පොදු ජන පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සියලු මැතිවරණවලට ඉදිරිපත් වනවා, කොළඹ නගර සභාව පොහොට්ටුව ලකුණෙන් සියල්ල මගේ සහයෝගයෙන් තරග කොට ශ්‍රීලංකා පොදු ජන පක්ෂය ජයග්‍රහණය කරවනවා. මෙය දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂය පරදවා කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීමක් වෙවි.

අපේ පක්ෂය ඡන්ද කඩන හෝ ඡන්ද බෙදන පක්ෂයක් නොවන බවත් අපේ නව පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඡන්ද දිනන පක්ෂයක් බවත් මැද කොළඹ ඛෙත්තාරාමේදි පැවති රැස්වීමකදි හිටපු ආර්ථික සංවර්ධනය ඇමති බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ශ්‍රීලංකා පොදු ජන පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමේ රැස්වීම් පසුගිය ඉරිදා මැද කොළඹ සහ බොරැල්ල ආසනවල පැවත් වු අතර පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම රැස්විම් ඇමතුවේය.


152 views
Main News