ඉතිහාසයේ මුල් වරටයි.. උතුරේ බෞද්ද සමුළුවක්..
March 14, 2019 at 5:30 pm | lanka C news
උතුරු පළාත් බොදු සමුළුවේ වැඩ කටයුතු මේ වනවිට සුදානම් වෙමින් පවතී. එහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් හෙට දිනයේ (15) වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
මෙම රැස්විම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආණ්ඩුකාරවර කාර්යාලයේ නිලධාරීන්, වවුනියාව දිස්ත්‍රික්කයට අදාළ ති‍්‍රවිධ හමුදා හා පොලිසියේ නිලධාරීන් හා අදාළ රාජ්‍ය නිලධාරින් සහභාගී වීමට නියමිතය.
2019 මාර්තු මස 29 වැනි දින ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන උතුරු පළාත් බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් හා වැඩසටහනක් මත සිදු කරනු ලබන අතර උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ඇතිව සිදු කරනු ලබයි.
උදෑසන 8.15ට ආගමික වතාවත් සිදු කිරිමෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී ආරම්භ වන උතුරු පළාත් බොදු සමුළුව සඳහා ස්වාමීන් වහන්සේලා 75 නමක් වැඩම කරවීමට නියමිතය. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින්ගේද අදහස් දැක්වීම හා ආශිර්වාදය ලබාදීම සිදු කරනු ලබයි.
කොළඹ සිට ස්වාමීන් වහන්සේලා 20 නමක් මෙම බොදු සමුළුව සඳහා වැඩම කරන අතර අනෙකුත් ස්වාමින් වහන්සේලා උතුරු පළාතේ විහාරස්ථාන නියෝජනය කරමින් වැඩම කරවනු ලබයි. දහවල් දානය සඳහා මෙම ස්වාමීන් වහන්සේලා හේවිසි හඩ මැද්දේ වැඩම කරවා දානය පූජා කිරීමට නියමිතය.
උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග, අදහස් හා යෝජනා එහිදී සාකච්ඡුා කරනු ලබන අතර උතුරු පළාතේ පවත්වන බොදු සමුළුව තුලින් ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී සියලූ දෙනාට සුභවාදී පණිවිඩයක් ලබාදීම මෙහි අපේක්ෂාවයි.
උතුරු පළාත් ආණ්ඩුකාර
මාධ්‍ය ඒකකය
උතුරු පළාතේ පවත්වන බොදු සමුළුවට ජයවේවා
ඉතිහාසයේ මුල් වරට විය නොහැක මේ හෙළයේ උතුරු කුරු දීපයේ හිටියේ නාග ගෝත්‍රයයි… නාගදීප පන්සල එය සාක්කි දරයි… එය නාග ගෝත්‍රයේ දීපයයි….
සතියක් නා ලොව පුද දුන් බෝදිය… අනුරාධපුරයට සිරිමහ බෝ අංකුරය ගේන්න දුන්නේ උතුරු මැද සිටිය නාග ගෝත්‍රය සතියක් පුදලයි
naaga hutannak nemei ban me kiyanne මෑත ඉතිහාසයේ.
naaga huyannak nemei ban me kiyanne මෑත ඉතිහාසයේ.
“මෑත” කියන වචනේ මේකේ ලියල තියෙන්නේ මෝඩයින්ට පේන්න විතරලු. ඒකයි අනිත් අයට ඒක පෙන්නේ නැත්තේ.
උතුරේ පලවෙනි බෞද්ධ සමුළුව වන්නේ බුදුරජානන්වහන්සේ විසින් පස්වග මහනුන් හට දේශනාකළ දම්සක් පැවතුම් සුත්‍රයයි. මෙය පැවැත්වුවේ වවුනියාවේ පිහිටි ඉසින්බැස්සගල පුරාණ රජමහා විහාරයේදීය. මෙයයි සත්‍ය.
හැබෑට? අනේ නිකන් පලයන් ඩෝ යන්න. උබේ ආගමේ දෙයක් බලාගෙන හිටින්, අනුන්ගේ ආගම් වලට අත නොදා.
උඹ තරහ ගන්ට එපා බන්. ඒක බුද්ධාගම් කාරයෙක් විදියට උඹට හොදනැහැ. ඌත් හරි උඹත් හරි. ඌ බුද්ධ ධර්මය පිළිපදින කෙනෙක්. උඹ හොද වැදගත් බුද්ධාගම් කාරයෙක්. උඹට තියෙන්නේ ආගමක්. ඌට තියෙන්නේ ධර්මයක්.
ධර්මයක් නෙමේ ඌට තියෙන්නෙ, සල්ලි හොයන්න ක්‍රමයක්. එන්ජීඕ වලින්.බුදු දහම විකෘති කරන්න එන්ජීඕ වලින් ලංකාවට ඇවිත් තියෙනව ඩොලර් මිලියන 1.3ක්.
උඹ තරහ ගන්ට එපා බන්. ඒක බුද්ධාගම් කාරයෙක් විදියට උඹට හොදනැහැ. ඌත් හරි උඹත් හරි. ඌ බුද්ධ ධර්මය පිළිපදින කෙනෙක්. උඹ හොද වැදගත් බුද්ධාගම් කාරයෙක්. උඹට තියෙන්නේ ආගමක්. ඌට තියෙන්නේ ධර්මයක්
බුකියෙ එහෙම ලංකාවෙ බුදුහාමුදුරුවො උපන්නය කියන උන්ගේ ආගම ක්‍රිස්තියානි වුනේ කොහොමද කියල විස්තර කරන්න පුළුවන්ද පන්ඩිත රාලේ? එහෙම කියන අනිත් වුන් එන්ජීඕ වල වැඩ කරන්නේ කොහොමද කියලත් කියන්න හොඳේ..
අමුතුවෙන් කියන්න ඕනේ නැහැ උතුරේ ප්රශ්නය ඇති කරන එක පිටිපස්සේ ඉන්නේ ආගමක් මුවාවෙන් ඇති ආක්‍රමණ සංවිධානයක් . ඔවුනට බෞද්ධ ධර්මය අරහන් .