ඉතිහාසයේ මුල් වරටයි.. විදේශ ඇමතිගෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා තානාපති නඩු දමයි..

September 25, 2016 at 4:06 am | lanka C news
ඉතිහාසයේ මුල් වරටයි.. විදේශ ඇමතිගෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා තානාපති නඩු දමයි..

විදේශ ඇමැති මංගල සමරවීර සිදුකර ඇති ප්‍රකාශවලින් තමාට මහත් අවමානයක්‌ සිදුවූ බව දක්‌වමින් ස්‌විස්‌ටර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා මංගල සමරවීර මහතාට නඩු පවරා ඇත.

මේ පිළිබඳව නඩුව නොවැම්බර් 2 දා කොළඹ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

තමා කොටි හිතවාදිනියක්‌ ලෙසට විදේශ ඇමැතිවරයා හඳුන්වා ඇති බව කුමානායගම් මහත්මිය වැඩිදුරටත් දක්‌වා ඇත.

මේ සම්බන්ධයෙන් තම නීතිවේදියා යෑවූ එන්තරවාසියට විදේශ ඇමැතිවරයා ප්‍රතිචාර නොදැක්‌වීම නිසා නඩුවක්‌ ගොනු කළ බවද කුමානායගම් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

විදේශ ඇමැතිවරයකුගෙන් අතිවිශාල වන්දියක්‌ ඉල්ලා හිටපු ශ්‍රී ලාංකික තානාපතිනියක පැවරූ මුල්ම නඩුව මෙය වේ.

– දිවයින

65 views
Main News