ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..

September 30, 2017 at 2:10 pm | lanka C news
ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යන පනතට සම්පූර්ණ පටහැනිව පනත් කෙටුම්පතක් නොමැතිව පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.

ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී හෙතෙම පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප‍්‍රමාණයක් එක් කර මෙවෙනි යෝජනාවක් සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ගැනිමට උත්සහය ගෙන ඇති බව පැහැදිලි බවත් ඔහු පවසයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය යන අයය.

එමෙන්ම නිශ්චිත පනත් කෙටූපතක් නොමැතිව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පලමු අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වන බවත් එබැවින් පලමු වරට මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැදවීමට නියමිතව ඇති බැවින් මේ වනවිට අදාළ වග උත්තර පාර්ශවයන් මහත් කලබලයට පත්වා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

19 views

7 Comments to “ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..”

  1. upul says:

    ජනප්‍රිය වෙන්න දාපු මෝඩ නඩුවක් කියල දන්නෝ දනිති…

    • kamalsiri kuruwita says:

      මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ . ලජ්ජා නැද්ද ?

    • Kamal says:

      උඹේ මොලේ කචල්ද?
      ජනප්‍රිය වෙන්න නඩු දාන්නෙ කවුද බං?
      ජනප්‍රිය වෙන්න ඕනැනම් නලුවෙක්නෙ වෙන්ඩ තිබුනෙ.

  2. Nim says:

    MR SARATH N SILVA
    mathi thumani oba dinawa sikurui.

    Yama palanayata dan sathu tu da??

  3. well don says:

    well don !

  4. Nandasoma says:

    මෙම ප්‍රෝඩාකාරී පනත් ගෙනඒම බෙහෙවින්ම භයානක තත්ත්වයක් බව අධිකරණය වටහා ගත යුතුය.
    නැතහොත් අධිකරණයේ ගරුත්වය අමු අමුවේ හෑල්ලුවට ලක් වනු නොඅනුමානය….
    අධිකරණය කුමන නිර්ණායක ඉදිරිපත් කළද ඒවා මග හරිමින්, ජනතා පරමාධිපත්‍යයනොසලකමින් ඕනෑම භයානක පනතක් සම්මතකර ගැනීමට පාර්ලිමේන්තුවට පමණක් ඉඩ ලැබෙනු ඇත.

    මෙම නරක පූර්වාදර්ශය ඕනෑම භයානක පනතක් සම්මත කර ගැනීමට බලයට පත්වන ඔිනෑම රජයකට හැකි වනු ඇත.