ඉතිහාසයේ වැඩිම ඩෙංගු වාර්තාව මේ වසරේ.. රාජිත තියරිය අනුව ඩෙංගු වර්ධනය රට දියණූ වීමේ ලක්ෂණයක්..
June 11, 2017 at 4:40 pm | lanka C news
2017 වසරේ මේ දක්වා කාලයේදී පමණක් ඩෙංගු රෝගීන් 150කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරී සංගමය පවසයි.
ඉදිරි කාල සීමාවේදී මදුරු කීට ඝනකත්වය තවත් ඉහල යා හැකි යයිද පවසන සංගමය වසරේ මේ දක්වා කාලයේදී පමණක් ඩෙංගු රෝගින් 59760ක් වාර්තා වි ඇති බවයි.
මෙය ඉතිහාසයේ එක් වසරක් තුල වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් පිරිස යයිද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඩෙංගු රෝගීන් වැඩිවීම රටක දියුණු වීමේ ලක්ෂණයක් බවයි.