One Comment to “ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් නව ව්‍යවස්ථාවෙන් දෙන්න සූදානම්..”

  1. ගුරුළු says:

    දුටුගැමුණු යුද්ධයේදී රට බේරා ගැනීමට දිවි දුන්නේ සිංහලයින්ය. විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා රජ සමයේද සොලීන් සමග සටන් කළේ සිංහලයන්ය. පරංගි, ලන්දේසි සමග යුද වැදුණේද සිංහලයන්ය. 1848 කැරැල්ලෙන් පසුව ඉංගී්‍රසින් විසින් මරා දැමුවේ සිංහලයන්ය. කුඹුර, හරකබාන, වැව්, ඉඩම් අහිමි වූයේ සිංහලයන්ගේය. ත්‍රස්‌තවාදී යුද්ධයේදී 99% ක්‌ දිවි පිදුවේ ආබාධිත වූයේ සිංහල තරුණ තරුණියන්ය. එසේ දිවිකැපකොට සාමය උදා කළ රටේ සතුටින්, බියෙන්, සැකෙන් තොරව ජීවත් වන්නේ සිංහලයන් පමණද? නැත. සියලුම ජාතීන්ය. එත් ඒ කිසිවකුට අපේ රණවිරුවන් අමතකය අන් සුළු ජාතින් කෙසේ වෙතත් සිංහලයා තමන්ගේ රටේ විරෝධාර රණවිරුවන් අමතක නොකළ යුතුයි අපේ මුතුන් මිත්තන් විසින්ද වර්තමානයේ රණවිරුවන් විසින්ද දිවි පුදා දිවි කැපකොට ආරක්‍ෂා කළ මේ රට “නොබෙදුණු” වචනය ඉදිරියට දමා සියලු බලතල දෙමින් දෙමළ දේශපාලනඥයන්ට තැටියක දමා දීමට මේ රජය සැරසේ. ප්‍රභාකරන්ට යුද්දෙන් දිනාගත නොහැකිවූ දේ අද සම්බන්ධන් ඉතා පහසුවෙන් ලබා ගනිමින් සිටී එය සාධාරණ කිරීමට සිංහලයන් යෑයි කියාගන්නා පිරිසක්‌ද එක්‌ව සිටී. මහ බැංකු අධිපති, භාණ්‌ඩාගාර ලේකම්, මුදල් ඇමැති, අග්‍රවිනිශ්චකාර තුමා, නගරාධිපති දෙමළ ජාතිකයන් බව ඔවුහු අමතක කරති. කොළඹ සිංහලයන් සුළුතරයක්‌ බවද ප්‍රකාශ නොකරති. අද රටේ තොග වෙළෙඳ පොළ හසුරුවන්නේ, රටේ ප්‍රධාන ව්‍යාපාර සියල්ලක්‌ම භාරව සිටින්නේ කෝටි ප්‍රකෝටිපති දෙමළ ජාතිකයන් බවද නොදන්නා සේ සිටී. අද රට තීරණාත්මක සන්ධිස්‌ථානයකට පැමිණ තිබේ. බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව ඇස්‌ කන් ඇර සිටිය යුතුවේ. අසත්‍ය ප්‍රචාරකරමින් රට පාවා දෙන්නන්ද, රට බෙදීමට පිඹුරුපත් සකසන්නන්ද හඳුනාගත යුතුවේ යහපාලනයෙන් අපේ රණවිරුවන්ට හෝ සිංහල ජනතාවට යහපතක් සිදු නොවුණු ඇත …. මේ සිංහලයා අවදි වියයුතු කාලයයි

Main News