ඉතිහාසය වෙනස් කරමින් එංගලන්තය ලෝක ශූරයන් වෙයි.. පලමු වරට අවසන් මහ තරගයේ සුපිරි ඔ්වරයක් යවා එහිත් ලකුණු සම වෙයි..

July 15, 2019 at 12:10 am | lanka C news
ඉතිහාසය වෙනස් කරමින් එංගලන්තය ලෝක ශූරයන් වෙයි.. පලමු වරට අවසන් මහ තරගයේ සුපිරි ඔ්වරයක් යවා එහිත් ලකුණු සම වෙයි..

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරයන් තීරණය වූයේ සුපිරි ඔ්වරයක් යැවීමෙනි.

ඒ අනුව ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේදී පැවති මෙම අවසන් මහා තරගයෙන් මෙවර ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 241 ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ද පන්දුවාර 50 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 241 ක් ලබාගත්තේය.

ඒ අනුව සුපිරි පන්දු වාරයක් යැවීමට තීරණය විය.

සුපිරි පන්දු වාරයේදී එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා ගත් අතර නවසීලන්තයද ලකුණු 15ක් සිය සුපිරි ඔ්වරයේදී ලබා ගත්තේ එක් කඩුල්ලක් දැවී යමිනි.

ඒ අනුව එංගලන්තයට ජයග‍්‍රහණය ලබා දෙන ලද්දේ තරගයේ වැඩිම හතරේ පහරවල් එල්ල කිරිම සලකමිනි.

55,397 Viewers

10 Comments to “ඉතිහාසය වෙනස් කරමින් එංගලන්තය ලෝක ශූරයන් වෙයි.. පලමු වරට අවසන් මහ තරගයේ සුපිරි ඔ්වරයක් යවා එහිත් ලකුණු සම වෙයි..”

  1. Gayantha says:

    පජාතම ලෝක කුසලානේ !
    නීතියට අනුව හතරේ ඒවා වැඩි නිසා එන්ගලන්තය දිනුවා වුනාට සැබෑ දක්ශකමෙන් දින්නේ නෑනේ.
    එහෙම බැලුවොත් ඉතින් අපිත්දිනුම් මොකෝ අපිත් ගැහුවනේ එන්ගලන්තයට.
    අනික අර බැට් එකේ වැදිලා ගිය throwඑකේ අතිරේක හතර නොවෙන්න සුපර් ඕවර් එන්නෙත් නෑ.
    අනික දීලා තියෙන පිච් අන්තිම ජරා එවා ඒ අස්සේ වැස්ස නිසා තරග කීයක් නැතිවුනාද. Semi දවස් දෙකක් ගැහුවා !
    කෙසේ වෙතත් උනුසුම් සුභපැතුම් එන්ගලන්ත කන්ඩායමට !

    • විස්කි මැඩම් says:

      උබ කියන විදිහට…..
      1.) වැස්ස එකත් එංගලන්ත ටීම් එකේ වැරැද්දක්.
      2.) ජරා පිච් තිබ්බ එකත් එංගලන්ත ටීම් එකේ වැරැද්දක්.
      3.) ත්‍රෝ එක බැට් එකට දාපු එකත් එංගලන්ත ටීම් එකේ වැරැද්දක්.
      යකෝ මාත් එක්ක තද වුනු දවසට අපේ ගෑනි මට විරුද්ධව ඔය තරම් අසාධාරණ කථා කියන්නේ නැහැ. ඔයිට වඩා පොඩ්ඩක් සාධාරණ වෙන්න බලපන්.

      අවසාන වශයෙන් ගත්තාම ලෝක කුසලානය පටන් ගද්දිම එංගලන්තය කැප එක උස්සයි කියලා විචාරකයෝ වැඩි දෙනෙක් කිවුවේ උන් මුල සිටම දක්ෂතා පෙන්නුවේ නැති නිසාද?

      අනික බලපන් සුපිරි පන්දු ඕවරය ආචර්ට යවන්න දුන්නු තීන්දුව දිහා…….
      ඌ අත්දැකීමෙන් අඩුයි. නමුත් දක්ෂතා පෙන්නලා තිබුනා. අන්න ඒක නිසා සුපිරි ඕවරය ඔහුට යවන්න දුන්නා. ඔහු වැඩේ ගානට කරලා පෙන්නුවා.

      • Gayantha says:

        රෙද්ද තමයි.

        ලෝක කුසලනේකට මේ පිච් ඒවා හරි නෑ කියලා ඕන මෝඩෙයෙක්ට තේරේනවා සහ වැස්ස නිසා ලෝක කුසලනේ තරග කීයක් නැතිවුනාද. ඒ තරග දෙවෙනි දවසට දැම්මා නම් අන්තිම හතර දෙනා වෙනස් වෙන්නත් තිවුනා.
        ආර්චර් කරපු දෙයක් නෑ බන් පොරත් ලකුනු 15ක් දුන්නානේ හතරේ නීතියෙන් එන්ගලන්තය දින්නේ.
        අපරදේනේ මෙච්චර තරග ගැහුවේ. ඔවරේ ඔවරේ හැමෝටම දීලා හතරේ ඒවා වැඩියෙන් ගහපු එවුන්ට දිනුම දුන්නා නම් හරිනේ . ඔය නීති වෙනස් වෙන්න ඔන ඉස්සරහටවත්.

    • Analyst says:

      It is the first time this past colonial master ,who had introduced cricket to their colonies was able to win a 50 over world cup( from 1975 upto 1987,it was 60 over contest) after a lapse of 44 years.

  2. Mahesh Samarawickrama says:

    Teams should not have been agreed with this type of thing at the initial rule discussion. Because as we know the early practice was when the match is tied, then the win is awarded to the team with lesser wickets gone in their innings (this happened somewhere in late 80’s in match tied match between India and Pakstan). If so New Zealand would have been the Champions.

    It is ok if wickets have gone also tied, then to go for super over option

    • Gayantha says:

      Very true mcn. They should look for number of wickets if scores are tied as first option. At least they should reintroduce that rule.

  3. Nishantha says:

    This is an artificial victory. Whatever there in cricket laws most of the cricket fans will be in a view that both nations are joint champions

  4. n.s fasions kurunegala says:

    WORST WORLD CUP EVER TO BE SEEN – WELL DONE NEW ZEALAND

  5. Nadika says:

    නියම මැච් එක… කාලෙකින් බලපු හොඳම එක

Main News