ඉදිකිරීමකට පොළව හාරද්දී මිනිස් ඇටසැකිලි තොගයක් හමුවෙයි…

March 27, 2018 at 12:40 pm | lanka C news
ඉදිකිරීමකට පොළව හාරද්දී මිනිස් ඇටසැකිලි තොගයක් හමුවෙයි…

මන්නාරම් නගර ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පොළව හෑරූ පස් ගොඩක තිබී මිනිස් ඇටසැකිලි වලට සමාන වූ ඇටසැකිලි තොගයක් ඊයේ (26) සවස තිබී හමු වූ බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.

මන්නාරම් නගර ආසන්නයේ අදාල ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා පොළව හාරා ඇති අතර පසුව හෑරු අදාල පස් තොගය වෙනත් ස්ථානයකට දැමීම සඳහා රැගෙන යමන් සිටියදී එමලිනගර් ප්‍රදේශයේ වැසියෙකු පස් ටිපර් රථය කිසියම් කටයුත්තක් සඳහා රැගෙනගොස් ඇති අතර එම පස් තොගයේ තිබී අදාල ඇටසැකිලි තොගය පසුව එම වැසිය දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුවත් කොට ඇත.

අනතුරුව මන්නාරම් පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ පස්ගොඩේ තිබී ඇටසැකිලි කිහිපයක්ම සොයාගෙන ඇති අතරම පස් හෑරු ස්ථානයේද පරික්ෂා කිරීම සඳහා මන්නාරම් අධිකරණයට දැනුම් දී ඇත.

මේ අනුව ඉදිරියේදී අධිකරණ නියොගයකින් ඇටසැකිල්ල හමු වූ ස්ථානය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති අතරම මේ වන විට එම් ස්ථානය පොලිස් ආරක්ෂාව සපයා ඇති අතරම හමු වූ ඇටසැකිලි මිනිස් ඇටසැකිලිද යන්න සෙවීම සඳහා රජයේ රසපරික්ෂක වරයාට යොමු කොට ඇති බවට පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

4 Comments to “ඉදිකිරීමකට පොළව හාරද්දී මිනිස් ඇටසැකිලි තොගයක් හමුවෙයි…”

  1. rathnapala says:

    කනත්තක් වෙන්න ඇති මෙයාලට හම්බ වෙන්ට ඇත්තෙ. මේ දවස්වල මහජනයා නොමග යවන ආරංචි නිශ්පාදනාගාර තියෙනවනෙ

  2. somapala says:

    අම්මට සිරි පරන කනත්තක් හොයාගෙන වගෙ

  3. David Milli-banda says:

    Oka LTTE කනත්තක් වෙන්න ඇති
    Rayappu Joseph gen ahuwa nam …………..

  4. lion says:

    පිරපාකරන් මරා දැමු අහිංසක වැසියන් ඔටු කුමාරයා මේගැන සද්දක් නැහැ

Main News