ඉදිකිරීම් ශීල්පීන් 190 ට ස්ථිර රැකියා

January 23, 2017 at 2:07 am | lanka C news
ඉදිකිරීම් ශීල්පීන් 190 ට ස්ථිර රැකියා

කාර්මික පුහුණු මධ්‍යස්ථානවලින් පුහුණුව ලැබූ ඉදිකිරීම් ශීල්පීන් 190 දෙනෙකු රැකියා ගත කිරීම පසුගියදා සිදු කෙරුණා. පුත්තලම දිස්ති‍්‍රක්කයේ විවිධ ප‍්‍රදේශවල පුහුණුව ලැබූ තරුණයින් පිරිසක් මෙලෙස රැකියා ගත කෙරුණේ දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ ඉදිකිරීම් සමාගම් වෙතයි.

මෙම කණ්ඩායමට පත්වීම් ලිපි හා සහතික ප‍්‍රදානය කෙරුණේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදීයී. කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, නිවාස සංවර්ධන අධීකාරිය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට අනුග‍්‍රහය ලබා දී තිබේ.

පුහුණුව නිමා කළ සියළු ශිල්පීන් රුපියල් 50000 ට ආසන්න ස්ථිර වැටුප් සහිතව රැකියා ගැන්වීම සිදු කළ බවත් මාස 06 ක් වන පරිවාස කාලය නිමා වීමෙන් පසුව මාසික වැටුප රුපියල් 75000 ක් දක්වා ඉහළ දැමීමට ඉදිකිරීම් සමාගම් එකගතාව පල කර ඇති බවත් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා කියා සිටියා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය සියළු ශ‍්‍රමිකයින් බිහි කිරීමේ වැඩපිළිවෙල මේ වසරේදී තවත් වේගවත් කිරීමට සැලසුම් කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු ප‍්‍රකාශ කලේය.

ඉදිකිරීම් කර්මාන්තයේ පවතින ශ‍්‍රම හිගය හමුවේ ශ‍්‍රමිකයින් පිට රටින් ගෙන්වීමේ වාතාවරණයක් ඇති වී තිබෙන බවත් පැවසූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩදුරටත් කියා සිටියේ එම අයහපත් තත්ත්වයට ඉඩ නොදී ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය ශ‍්‍රමිකයින් රට තුළ බිහි කිරීමට කඩිනම් වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබෙන බවයි.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය

0 views
Main News