ඉදිරියට විදුලි කැපිල්ලක් නෑ.. එජාපය කියු දේ කරන පක්‍ෂයක්.. කෘතීම වැසි තවත් වස්සවනවා..- රවී

April 11, 2019 at 8:40 am | lanka C news
ඉදිරියට විදුලි කැපිල්ලක් නෑ.. එජාපය කියු දේ කරන පක්‍ෂයක්.. කෘතීම වැසි තවත් වස්සවනවා..- රවී

ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැළණි ගග හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය හේතුවෙන් අවතැන් වු පවුල් 29 සදහා වන්දි මුදල් ප්‍රධාන කිරිම  (10) විදුලි බල සහ බලශක්ති අමාත්‍යය රවි කරුණානායක මහතා විසින් සිදු කලේය.

පොල්පිටිය සමනලගම ප්‍රදේශයේ බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වු පවුල් 29 කගේ නිවාස සහ ඉඩම් තක්සේරු කිරිමෙන් අනතුරුව බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලගාර ව්‍යපෘතිය මගින් රු මිලියන 129 ක මුදල් චෙක් පත් අමාත්‍යය රවි කරුණානායක මහතා විසින් පොල්පිටිය ප්‍රදේශයේදි බෙදා දුන්නේය.

මෙම වන්දි මුදල් ප්‍රධානය කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු රවි කරුණානායක මහතා කියා සිටියේ අද සිට විසන්ධි කිරිමකින් තොරව මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිලද වැඩි නොකර අඛණ්ඩව විදුලි බලය ලබාදෙන බවයි .

එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් නගන චෝදනා පදනම් විරහිත  චෝදනා බවත්, එක්සත් ජාතික පක්ෂ රජය කිවු දේ ඉටු කරන රජයක් බවත්, අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසීය.

ඉදිරියේදි මේ රටේ විදුලි අවශ්‍යතාවයට විසදුම් ලබා දිමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බවත්, එම කඩිනමින් එම විදුලි අවශ්‍යතාවය සපුරාලිමට කටයුතු කරන බවත් අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය.

කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ඉදිරි දිනවලදි ක්‍රියාවට නංවන බවත්, එම ව්‍යපෘතිය  නතර කර නොමැති බවත්,මාධ්‍යයවේදින් හමුවේ අමාත්‍යයවරයා කිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

93 views
Main News