ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

June 26, 2022 at 10:22 pm | lanka C news
ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම බරපතළ ගැටලුවක් වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

23 වනදා මෙරටට එන බව පැවසූ තෙල් නැව ඇනවුම් කිරීමේදී ණයවර ලිපියේ ගැටළුව බලපෑ බව ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය මත අත්පිට මුදලට පමණක් ඉන්ධන ගෙන්වා ගැනීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි කාල සීමාවේ ඉන්ධන අර්බුදය වඩා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවණු ඇති බවද ඔහු පැවසීය.

මීළඟ ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් පවා නිශ්චිතව කිව නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

54,368 views

19 Comments to “ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති”

  1. උන්ඩියල් ක්‍රමයට පස්ස පැත්තෙන්වත් අරිමූද ඇමතිතුමා. says:

    උන්ඩියල් ක්‍රමයට පස්ස පැත්තෙන්වත් අරිමූද ඇමතිතුමා.

  2. සකු says:

    මට නම් හිතුන අපේ සිහින ජනපති ළඟ වාඩි කරගෙන ප්‍රවෘත්ති සකාච්චවක් කරන කොට ම තිබ්බ තෙල් ටිකටත් කෙලවෙන විත්ති ය

  3. nimal says:

    mona labbkatada thawath ubala inne maha ekage idan gedara palayalla.

  4. මරතේනිස් අයියා says:

    ඉන්ධනත් නැත්නම් ගෙන්න ක්‍රමයකුත් නැත්නම් පඩිගෙවලා ඉන්ධන ඇමතියෙක් තියාගෙන මොකටද?ඊට ඉහලින් ජනපතියෙක් මොකටද?

  5. තාරක says:

    දැන් වත් අයින් වෙලා පළ පර බල්ලෝ. තොපි ඇවිත් කරන එකම දේ, රටේ තියන වටිනා දේවල් ටිකත් පිට රට වලට විකූණ විකුණ කොමිස් ගහන එකනෙ. වරාය පර්‍යන්ත, තෙල් ටැංකි, අදානිගෙන් කොමිස් සුළං බලාගාරය වගේ දෙයක් ඇරුනම තොපි කල වෙන එක වැඩක් කියපිවු. සාප වෙනවා තොපේ හත් මුතු පරම්පරාවටම.

  6. siraa says:

    තොපි ඉන්නේ ඒවා විසඳන්න, නැතිව මාද්‍ය ප්‍රකාශ කියා කියා ඉන්න නෙමෙයි.

  7. UNP සමනළයා says:

    අපේ රනිල් සර් අගමැති උනා නං මෙහෙම වෙන්නෙ නෑ

  8. UNP සමනළයා says:

    අපේ රනිල් සර් අගමැති උනා නං මෙහෙම වෙන්නෙ නෑ

  9. Kandy whip says:

    So what is your job as the minister? Please resign because you don’t add any value to your position

Main News