ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..

October 30, 2021 at 4:40 pm | lanka C news
ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..

භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මත ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය වැඩි විය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ගතවූ මාස කිහිපය 6%-7% අතර පැවති උද්ධමනය එළඹෙන මාස කිහිපයේදී 8.5% ක් පමණ වන තෙක් ඉහළ යා හැකි යැයි අනුමාන කරන බවද ඔහු පැවසීය.

නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට උද්ධමන අනුපාතය 4%-6% මට්ටමට අඩු වනු ඇති බවද ඒ මහතා සදහන් කලේය.

තමන් වෙත මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ තොරතුරු වාර්තා කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

38,663 views

14 Comments to “ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..”

  1. සවි අරික්කාල says:

    2023 අන්තිමට උද්ධමනය නැත්තටම නැති වෙලා යනවා. ඡන්දේකිට්ටු වෙන නිසා.

  2. මෝ says:

    දහයෙ පන්තියේ ලමයෙක් උනත් දන්නව උද්දමනය ඔය කිව්වට වඩා ඉහල යනබව උබ සල්ලි අච්චු ගහපු හැටියට.

  3. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් තිබ්බා නම් එහෙම වෙන්නේ නැහැ .හොර,බොරු ,වංචා නැති එකම පක්ෂය ජේවිපි පමණයි .විරුවන් ට රට පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .