ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි..

January 29, 2020 at 10:32 pm | lanka C news
ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි..

කොරෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමටතවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලිත් පීරිස් මහතා සදහන් කරයි.

මෙම වෛරසය අලුතින් හදුනාගත් වෛරසයක් යයිද පවසන ඔහු එම වෛරසයට ආසාදිතයාගේම ශරීරයෙන් ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවද කියා සිටී.

සාර්ස් වෛරසය තරම් මෙම වෛරසය දරුණු නැති බවත් පවසන මහාචාර්යවරයා සාර්ස් වෛරසය වැලදුනු 10%ක පමණ මියගියද කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉතා පහල බවත් පෙන්වා දෙයි.

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව තුල එම වෛරසය පැතිරෙන බවට කිසිදු සාධයක් නැති බවත් ඇතැම්විට තවත් රෝගීන් තුන් හතර දෙනෙකු ඉදිරියේදී හමුවනු ඇති බවත් එසේ වුවා කියා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණු ආවරණ පැලද සිටීමේ කිසිම තර්කානුකූල තත්වයක් නැති බවත් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ සැබෑ අවදානමට යයිද කියයි.

අනාගතයේදී එවන් අවදානමක් ඇති වුවහොත් ඒ වන විට මුහුණු ආවරණ හිගතාවයක් ඇති විය හැකි යයිද ඔහු අවධාරණය කරයි.

81,398 Viewers

6 Comments to “ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි..”

  1. රසික සූරියාරච්චි says:

    කොරෝනා වෛරසය මැඩලන්න තුන්සූත‍්‍රය සජ්ජායනා කරනවා..- මිහින්තලා විහාරාධිපති හිමි..

    • sathya says:

      3n okkoma hari yaawi

    • රුවන් says:

      පිරිත් ඇහෙනකොට ඔයාට කසනව වගේද? මෙතන කියල නෑ ඒක තමයි එකම විසඳුම කියල​. ආගමික නායකයො එයාලට කරන්න පුලුවන් දේ කරයි.

  2. Ranmal says:

    I tell prof. peiris that however, it is good that all 225 MPs in SL pariament cover their faces with the coronaviurus masks so that we people of SL don’t have to see these crooks, vulgar phantoms faces at least for sometime in their real crooked looks.

  3. Susantha says:

    මුහුනු ආවරනය ගැන මිත්‍යා අදහසක් තමා අපේ අයට තියෙන්නෙ, ආවරනයක් උපරිමයෙන් පලඳින්න පුලුවන් වෙන්නේ පැය 8යි. ඊට පස්සෙ ෆිල්ටර් වෙන්නේ නෑ. තමන්ගෙම අතින් නැවත මුහුන ඇල්ලුවොත් ආසාදනය වෙන්න පුලුවන්. ඕක පලඳින්න ඕනෙ ජනතාව බහුලව ඉන්න පොදු ස්තානවල

  4. Prof W.Abeyewickrwme. says:

    As Sri Lankans we should be thankful to Prof Sriyal Malik Peries in Hong Kong for giving his expert opinion on the new corona virus issue in relation to SL He is a true Sri Lankan who has helped MRI, Universities and professional bodies whenever required.

Main News