ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් සූදානම්.. අල්ජසීරා වීඩියෝ සාක්‍ෂි සහිතව හෙලි කරයි..

May 26, 2018 at 1:20 pm | lanka C news
ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් සූදානම්.. අල්ජසීරා වීඩියෝ සාක්‍ෂි සහිතව හෙලි කරයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති එංගලන්ත ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් සම්බන්දයෙන් අල් ජසීරා නාලිකාව හෙලි දරවු කරගෙන තිබේ.

ගාලු ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තරග ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි තණ තිල්ල සැකසීම සදහා ක‍්‍රිඩාංගනය බාර ප‍්‍රධාන නිලධාරීන් එකග වී ඇත.

ව්‍යාපාරිකයෙක් ලෙස වෙස් වලාගෙන ආ අල්ජසීරා මාධ්‍යවේදියාට අදාල නිලධාරියා සදහන් කර ඇත්තේ උවමනා පරිදි තනතිල්ල සකසා දෙන්නට සූදානම් බවත් ඊට ලක්‍ෂ 60ක මුදලක් අවශ්‍ය බවත්ය.

මෙම තරග පාවාදීම සදහා දේශීය තරග ක‍්‍රීඩා කරන ක‍්‍රිඩකයෙකුද සහාය පල කර ඇති අතර මාද්‍යවේදියා විසින් සියල්ල පටිගත කරගෙන ඇත.

හෙට රාත‍්‍රියේදී මෙම වාර්තා වැඩසටහන විකාශණය කරන බවද අල්ජසීරා නාලිකාව කියයි.

36 views

5 Comments to “ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් සූදානම්.. අල්ජසීරා වීඩියෝ සාක්‍ෂි සහිතව හෙලි කරයි..”

  1. අප්පුහාමි says:

    අපේ රට හැම අතින්ම ආරජිකව ඇති බවට මේ සියල්ලෙන්ම සනාථ වෙමින් පවතී. දේශපාලුවන් බොහෝ දෙනෙකුගේ අවසානය ඉතා ළඟ නිසා අන්තිම කාලයේ හම්බ කිරීම් එළිපිටම සිදුවේ. අප්පචිචි මලෝ තම අමාත්‍ය තනතුර යොදාගෙන පවුලේ එවුන්ට තනතුරු දෙමින් ගසාකයි. දේශපාලුවෝ මහජන මුදලින් තම උදර පෝෂණය, සුඛවිහරණය ඉවක් බවක් නැතිව කරගෙන යති. වනවිනාශයන් කරමින් විල්පත්තු, නකල්ස් ඉඩම් ගජ මිතුරන්ට ටුට්ටුදෙකට පවරති. රාජ්‍යයේ ඉහලම තනතුරු දරන නිලධාරීන් පවා අල්ලස් ගනිමින් සිටි. ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය පෙන්වමින් මෙලෙසින් තවත් කොටසක් ගසා කති. ගංවතුර හා වෙනත් උවදුරු, වසංගත රෝග රට වටේය. මුන් සැවොම ලක්බිම ඉතියෝපියාවක්, සොමාලියාවක් කරමින් සිටිති.

  2. Gunaruwan says:

    Mekath un Lankawata gena boru Yuda aparadha chodana wagema ekak bawayi mata nam penne. mokada team dekama sellam kale ekama pitch ekene, anika home team ekata ona widihata thamayi pitch eka hadanne.Api Herath ta wasiwena widi

    • mohamed says:

      ne machan seen eka mehemai, pich eka buki karayata anuwa hadala kiyai me dawsen game eka iwara wenawa kiyala ottu allanawa, itin wiyadam karapuwata wada salli lebenawa ottu allalala.. maali kiwwe api illana pich denne ne, thanakola illuwahama weradila kepuna kiyanawa kiyala, ewa genath hewwoth hondai

  3. Gunaruwan says:

    Mekath un Lankawata gena boru Yuda aparadha chodana wagema ekak bawayi mata nam penne. mokada team dekama sellam kale ekama pitch ekene, anika home team ekata ona widihata thamayi pitch eka hadanne.

  4. David Milli-banda says:

    Why the groundsman is going to be selected to represent Sri lanka against England at Galle?
    Sooo, England is going to dictate where we should play them BUT certainly not in Galle.

    This is plain and simple. England is afraid to face Sri Lanka at Galle.

Main News