ඉදිරි ජනාධිපතිවරණයට පෙර යෝධ සංවර්ධනයක් කර ජයගන්න සූදානම්..

July 5, 2018 at 12:40 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයට පෙර යෝධ සංවර්ධනයක් කර ජයගන්න සූදානම්..

මේ වන විට ආර්ථීකය සම්බන්දයෙන් රට තුල විවිද මත ගොඩ නැගී ඇතත් ඉදිරි ජනාධිපතිවරණයට පෙර රටට දැනෙන දැවැන්ත සංවර්ධන වැඩපිළිවලක් ඇති කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පවසයි.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ පරාජයක් බලාපොරොත්තුවෙන් මැතිවරණයක් නොපවත්වන බවත් ජනතාව දිනීම රට දිනීම තුලින් පෙන්වන බවත්ය. රාජපක්ෂ සමයේදී ලබා ගත් ණය පියවන්නට සිදු වුයේ 2017,2108 දී බව පේනවා දෙන අමාත්‍යවරයා මේවයේ සැබෑ තත්වයන් වර්තමානයේදී සැමට අමතකවී ඇති බව සදහන් කරයි.

යහපාලන රජයේ ඉදිරි වැඩ පිළිවෙල යටතේ ජනතාවගේ ජිවන තත්වය ඉහළ නැංවීමේ වියාපෘතිය යටතේ මෙම නව සංවර්ධන වැඩපිළිවෙල සකස් කර තිබේ. ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි මාස 18 තුල මෙම සංවර්ධන වැඩ පිළිවෙල අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රවින්ද්‍ර සමරවීර මහතා පවසයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ක‍්‍රියාත්මක වන ගම්පෙරලිය වැඩසටහන යටතේ තම ප‍්‍රදේශ වල පොදු වැඩ සදහා ලබා දෙන මුදල් යටතේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් තම ජනතාවට ඉටු කරලීමට ගරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා බලාපොරොත්තු වේ.

ඒ අනුව මෙම වැඩ පිළිවෙලේ ප‍්‍රමුඛ අවධානය ලබා දෙනු ලබන්නේ නිවාස සංකීර්ණයක් සැදීම සදහාය. වැසි සහිත කාලගුණ තත්වයකදී නිරන්තරයෙන් නායයාමේ උවදුරට ගොදුරු වන බදුල්ල ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් සැලසීමට අමාත්‍ය සමරවීර මහතාගේ යෝජනාව මේ වන විට අපදා කළමනාකරණ අමාත්‍යංශයට යොමු කර තිබේ. නායයන ප‍්‍රදේශ වල ජනතාව ඔවුන්ගේ උපන් බිම් ප‍්‍රදේශ වලින් ඉවත් කිරීම හරහා මතු වන ප‍්‍රයෝගික ප‍්‍රශ්න අවම කිරීම සදහා නායයාමට ලක්වූ ප‍්‍රදේශ වලට යාබදවම අදාල නිවැසියන්ට නිවාස ලබා දීමට මෙහිදී අමාත්‍යවරයා අදහස් කර සිටියි. නායගිය ප‍්‍රදේශයන්හි ආරක්ෂිත කලාප හදුනා ගැනීමට අදාලව කටයුතු ඉටු කිරීමට මේ වන විට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානට ඉදිරිපත් කර ඇත.
මිට සමගාමිව තවත් පොදු වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක වේ. ජාති ආගම භේදයකින් තොරව ජන ජිවිත ඉහල නංවා ලීමට වැලිමඩ මුස්ලිම් විද්‍යාලය පුළුල් කිරිම සදහා අක්කර දෙකක් ලබා දීම එයින් සාර්ථකවූ තවත් එක් ව්‍යාපෘතියකි. එමෙන්ම ගුරුතලව ජාතික පාසලේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදි කිරිමටද අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා කටයුතු කර තිබේ. මෙම ඉල්ලීම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට යොමු කොට ඇති අතර එය ඉටු කරලීමේ පොරොන්දුව අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලබා දී අවසන්ය. වැලිමඩ ඉදි වන ප‍්‍රථම ශිෂ්‍ය නේවාසිකාගාරය මෙයයි. තවද මිලියන 2.2 ක මුළු වටිනාකමකින් යුතු පාසල් බෑග් බෙදා දීමද පසුගියදා සිදුවිය. අඩු අදායම් ලාබී පවුල් වල පාසල් දරුවන් සදහා මෙලෙස පාසල් බෑග් බෙදා දුන් අතර එක් බැගයක වටිනාකම රුපියල් 4000කි. පාසල් ළමුන් 500 ක් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය මෙලෙස ක‍්‍රියාත්මක වුයේ ශ‍්‍රම වාසනා අරමුදලෙනි.

දැයේ ¥ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම උදෙසා නිරතුරු තමන්ට හැකි දේ කිරීමට පසු පසුබට නොවන ලෙසට කම්කරු සහ වෘත්තීය සමිති සබදතා ඇමති රවින්ද්‍ර සමරවීර මහතා සියළු ජනතාවගෙන් ඉල්ලයි. රටේ දරුවන් රටේ ඉදිරි අනාගතය බැවින් දරුවන්ගේ උන්නතිය උදෙසා කැපවීම සියලූ දෙනාගේම වගකීම බවද මතක් දෙමින් තව දුරටත් සදහන් කරන්නේ පැහැදිලි දැක්මක් මත යහපත්වූ පාලනයකින් මෙරට අනාගතය උදෙසා වත්මන් රජය කැපවන බවයි.

– රංජුල විබද්දආරච්චි

12 views

11 Comments to “ඉදිරි ජනාධිපතිවරණයට පෙර යෝධ සංවර්ධනයක් කර ජයගන්න සූදානම්..”

  1. LION says:

    රනිල් බලයට පත්වීමේදී බෙදුම්වාදීන්ට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට ඔහු ඉතා ප්‍රබල උත්සාහයක යෙදී සිටි.

  2. neil says:

    Just watch for what ministers talk. What we hear always is ” we are going to do” Not what they did or what is being done now. This has been the case always. Either they try to decive us OR they just say as they themselves believe and living in dream due to their educational level.
    When people will realise the difference?

  3. UNP Api says:

    Actually, your clarification is good for us to understand the truth. We hope either Patali or Sajith contesting the next presidential election. We only want the victory

  4. "හින්ඳිය" says:

    අවුරුදු තුනක් රට විනාසෙට පත් කරල
    කුඩ්ඩං මුලු රටේම මත්කුඩට වින කරල
    ආර්ථිකයම ඉන්ඳියානුවට බැඳ බදු කරල
    සංවර්ධන වෙ ඉන්දියන් පැටව් බෝ කරල

  5. දොරටුපාල says:

    කලබොල වෙන්න කාරියක් නෑ- තව කල් තියෙනවනෙ-

  6. ksb says:

    R.S.4000.00 bag ekak?????

  7. desta says:

    hu hu hu bank bidalada ane thope Kai waru Mari unp ballo

  8. ගමරාල says:

    පාසැල් දරුවන්ට විතරක් නෙවෙයි… අම්මලා තාත්තලට ලැප්ටොප් දුන්නත් දැන් ඉතින් මේ ආණ්ඩුව කෙලින් කරනවා බොරු.. ඒක ඇත්තද බොරුද කියලා බලන්න බස් නැවතුම් පොළ කඩපිලට ගිහිල්ලා පැත්තකට වෙලා පොඩ්ඩක් කණ තියා ගෙන හිටිය නං පෙනෙයි…

  9. Kings says:

    Another stupid talk. We are waiting for another KuliyapitiyaVW factory, Tyre Factory, 1,000,000 jobs, Breaslets, etc…

Main News