ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්..? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්..??

July 10, 2019 at 6:32 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්..? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්..??

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරන බවට කියන අපේක්ෂකයා ත්‍රස්තවාදියෙකු වීමේ ඉඩක් ඇති බවටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී ඔවුන්ගේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ ‘ඊබ්‍රහිම්’ නව් පුද්ගලයා ත්‍රස්තවාදියෙක් යයි පොලිසිය විසින් අල්ලා දෙක තෙක් ජවිපෙ දැන නොසිටි බවද ඔහු සඳහන් කලේය.

ඒ ආකාරයෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාද ත්‍රස්තවාදියෙකු වීමට ඉඩක් ඇති බවද ඔහු පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදීය.

යම් හෙයකින් පසුගිය මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ කියූ දේ අසා ’හෘද සාක්ෂියට’ මනාපය පළ කළේ නම් අද ත්‍රස්තවාදියෙකු පාර්තමේන්තුව නියෝජනය කරමින් සිටිනු ඇතැයි ද ඇතැම්විට පාස්කු බෝම්බ සම්බන්ධයෙන් සොයන තේරීම් කාරක සභාවටද ජවිපෙ වෙනුවෙන් ඊබ‍්‍රාහිම් සහභාගී වී බුද්ධි අංශ වලින් හරස් ප්‍රශ්න ඇසීමද දකින්නට තිබූ බවද ඔහු පැවසුවේය.

ඒ ආකාරයෙන්ම තමන් ඉදිරිපත් කරන පුද්ගලයාගේ සැබෑ ස්වරූපය ජවිපෙ විසින් දැනගන්නේ පොලීසියෙන් අල්ලා දුන් පසු නිසා මෙවර ඉදිරිපත් කරන බව කියන ජනාධිපති අපේක්ෂකයාද ත්‍රස්තවාදියෙකු විය හැකි බවත් යම් හෙයකින් ඔහු මෙරට ජනාධිපති වුවහොත් ත්‍රස්තවාදියෙකු මෙරට ජනාධිපති වූ පළමු අවස්ථාව වනු ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

51 views

18 Comments to “ඉදිරි ජනාධිපතිවරණයේ ජවිපෙ අපේක්‍ෂකයා ත‍්‍රස්තවාදියෙක්..? ඔහු දින්නොත් රටේ ජනාධිපති වන්නේ ත‍්‍රස්තවාදියෙක්..??”

  1. W.Milton says:

    JVP is/was well tested political terrorist outfit since 1965 May by the leadership of PDN Wijeweera.
    Leadership has change but policy of Anarchism and terrorism has not change under the Dissanayake of A..
    Do not vote for JVP ,if you vote for JVP is same you vote to UNP,not other than that .

  2. W.Milton says:

    Read book of Dhramaran Wickramarathna of Satana by Satana give evidence of past JVP.

  3. W.Milton says:

    JVP is/was well tested political terrorist outfit since 1965 May by the leadership of PDN Wijeweera.
    Leadership has change but policy of Anarchism and terrorism has not change under the Dissanayake of Anura…….! $$$$.
    Do not vote for JVP ,if you vote for JVP is same you vote to UNP,not other than that .
    Read book of Dhramaran Wickramarathna of Satana by Satana give evidence of past JVP.

  4. prabath says:

    යකෝ මුගේ මහා එකත් හිටපු ත්‍රස්තවාදියෙක් නේ

Main News