ඉදිරි පරපුර හිගන ජාතියක් කරන්න සූදානම් නෑ.. සීඝ්රයෙන් මුදල් උපයා 2025දී ණය බරින් නිදහස කරනවා..
August 3, 2017 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර හිගන ජාතියක් බවට පත් කිරීමට තමන් සූදානම් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
මේ වන විට රජය විසින් අදට වඩා හොද හෙට දිනයක් සදහා පදනම දමා ඇති බවද කී ඔහු 2025 වන විට මෙරට ණය බර මුළුමනින්ම අවසන් කරන බවද පැවසීය.
ඉදිරියේදී අපනයන කර්මාන්ත දියණු කර සීඝ්‍ර ලෙස මුදල් උපයන තත්වයකට රට පත්කරන බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් කීය.