ඉදිරි පැය 24 තුළ ජනාධිපති අපේක්ෂකයින් වහාම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නැයි කියයි…

July 18, 2022 at 7:10 pm | lanka C news
ඉදිරි පැය 24 තුළ ජනාධිපති අපේක්ෂකයින් වහාම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නැයි කියයි…

ලබන 20 වනදා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයක් ඉදිරි පැය 24 තුළ වහාම තම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දුෂිත රාජපක්ෂ පාලනය එලවා දමා නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අරගල කරන ලද සියලු දෙනාට ස්තුති කරමින් නව ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිරූපය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව අද (18) දින මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ජනතාව අරගලකර දිනාදුන් ජයග්‍රහණය මෙම පාලකයන් හරිහැටි තේරුම් නොගෙන ඇති බවත් එය හරිහැටි තේරුම් ගත්තානම් 20 වන දින ජනාධිපති තරඟයක් නොපවත්වා පක්ෂ වලින් නොව සියලු දෙනාගේ තීරණයෙන් පත්වන ජනාධිපතිවරයෙකු යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණු බවකි.

“නමුත් දැන් ඒ සඳහා තරඟයට තුන්, හතර පැත්තෙන්ම ඉදිරිපත් වෙන ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙනුත් ඉල්ලීමක් කරනවා මේ අපේක්ෂකයෝ හතර දෙනාගෙන්ම දැනට ඉදිරිපත් වෙලා තියෙන. ජනතාවගේ මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි අවශ්‍ය දේශපාලන කැපවීම කරන්න සූදානම් කියලා, එකමුතුභාවයකින්, සම්මුතියකින් මේ කටයුත්ත කරන්න.”

මෙම නව අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ජනතාවට දැන ගැනීම සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් කලයුතු බවත් එයට පවතින්නේ තවත් පැය 24ක කාලයක් පමණක් බවත් එය දැනගැනීම මහජනතාවගේ අයිතියක් බවත් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“අපිට අවශ්‍යයි දැනගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරියට යනවද නැද්ද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක මහත්තුරු හා වෙනත් ඒ ඉන්න ඕනම අපේක්ෂකයෙක් පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මුල්‍ය අරමුණ අරමුදල ඉදිරියට යද්දී රටේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ගන්නා වූ උත්සාහය කොයි වගේද? රජයේ ආදායම් වැඩිකර ගැනීම, වියදම් කප්පාදු කරන්න යන්නේ කොහොමද? රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න යන්නේ කොහොමද? කියන ඒ ආර්ථිකයේ මූලික උපායන් පිළිබඳ තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම තමන්ගේ ඉදිරි කාලයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරලීම සඳහා මොකක්ද තියෙන දේශපාලන යාන්ත්‍රනය? අපි යෝජනා කළා යාන්ත්‍රණයේ ස්වරූපයන්. එකක් නායකත්ව මට්ටමෙන් තියෙන ජාතික සභාවක්. ඒකට අනිවාර්යයෙන්ම පිටස්තර දායකත්වය ලබාගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශාල අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු විශාල අදහස් ප්‍රමාණයක්, වැදගත් සාධනීය අදහස් ප්‍රමාණයක් රටට ඉදිරිපත් කරලා තියෙනවා රටේ උගත්තු හැටියට. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් එවැනි ඉතාමත්ම වටිනා අදහස් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා කියන වෛද්‍යවරු, ඒ වගේම නීතිඥවරු සහ වෙනත් වෘත්තීයවේදීන්, ඉංජිනේරුවන් ඇතුළු ඒ වෘත්තීය ආයතනය විසින් අදහස් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම ඉතාම වැදගත් සාධනීය අදහස්. මොකද ඒ අය මේ රාජ්‍ය පාලනයෙහිලා අත්‍යවශ්‍ය පිරිසක්. එවැනි වෘත්තීන් ශක්තිය ඇතුව පාර්ලිමේන්තුවේ නායකත්ව මණ්ඩලයක් මගින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වෙච්ච ආයතනයක් පිහිටුවන්න.මන්ත්‍රීවරු දෙසිය විසිහතර දෙනාටම පාලනයට සහභාගී වෙන්න පුළුවන් විදිහේ ක්‍රියාදාමයක් ඇති කරවන්න.

මේ ක්‍රියාදාමය අනුගමනය කරොත් මම හිතනවා ඒ රජයට යම් ස්ථාවරත්වයක් ඒ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ලැබෙයි. එහෙම නැතුව තරඟෙට ගිහිල්ලා, ගේමක් ගහලා මේක කොහොමහරි අල්ලා ගැනීමෙන් නම්, රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ අපේක්ෂකයෝ අතරේ බෙදුම් ගැටුම් තියෙන විත්තිය අපිට පේනවා. මන්ත්‍රීවරු අතරෙත් එවැනි මතභේද තියෙන විත්තිය අපිට පේනවා. නායකයෝ දැන් මේ වෙලාවේ සියලුම දෙනා එකට එකමුතු වෙලා අපි මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන එකමුතු භාවය, සම්මුතිය හදාගන්න ක්‍රියා කරන්න කියන එක අපි බොහොම අවධාරණයෙන් කියනවා.

මේ පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුණත්, අපි ඒ කටයුත්ත ඉදිරියට කරනවා. ඒ නිසා, මේ විවෘත භාවය පෙන්නලා, සම්මුති ජනාධිපති කෙනෙක්. අපි එදා කිව්වා වගේ පාලකයෙක් නෙමෙයි, භාරකාරයෙක්. සියලු පක්ෂ වලට ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සහිත පුද්ගලයෙක්. ඒ වගේම සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැප කරන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් ඉදිරිපත් කර ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ අතරේ විවෘත සංවාදයක් කරන්න තමන්ගේ ප්‍රතිපත්ති කවරෙක්ද යන්න කියන එක පිළිබඳව විවෘතව රටට ඉදිරිපත් කරන්න කියන පණිවිඩය ලබා දෙනවා.

මේ අරගලයේ යෝජනා ගණනාවක් තියෙනවා. අරගල මණ්ඩපයෙන්, සර්ව පාක්ෂික යෝජනා, නිර්පාක්ෂික යෝජනා ආදී වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පිළිගත් වෘත්තීය සංවිධාන, මහජන සභාව කියන සිවිල් සංවිධානයේ අපේ ආගමික නායකයෝ. අපේ ඕමල්පේ නායක ස්වාමීන් වහන්සේ, අකුරටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම කාඩිනල් වහන්සේ, එහෙම වැඩ ඉන්න මහජන සභාවේ යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනා පිළිබඳව ගෞරවයෙන් යුතුව සලකලා බලලා, එකඟතාවයක් හදා ගැනීම තමයි කළ යුත්තේ. මේ විවිධ විෂම කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙන යෝජනා අතරින් කාටත් පිළිගන්න පුළුවන් පොදු එකඟතාවයක්, පොදු යෝජනාවලියක් ඇති කරගෙන එය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒක මොකක්ද කියලා අපිට කියන්න ඕන. ඒක හංගගෙන ගහන්න බැහැ කොලේ. ඒක මොකක්ද කියලා කරුණාකරලා රටට කියන්න.”

Q&A

අරගලයට සම්බන්ධ විවිධ කණ්ඩායම් ඔබතුමන්ලත් එක්ක සාකච්ඡා කරානේ ඇවිල්ලා. ඒගොල්ලොන්ගේ මොකක් හරි රික්වෙස්ට් එකක් තිබුණාද? මෙන්න මෙයාව ඉදිරිපත් කරන්න කියලා?

නෑ. එහෙම නමක්, ගමක් කවුරුවත් කියලා නැහැ. සමහරු ඉල්ලීම් දහතුනක් ඉදිරිපත් කරලා තියෙනවා. සමහරු විසි එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ එක එක්කෙනාගේ. එහෙම පුද්ගලයෝ ඉදිරිපත් කරන්න බැහැනේ. පොදු ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒ පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශ්වාසනීය චරිතනේ අපට අවශ්‍ය. එවැනි විශ්වාසනීය චරිත වලට යම් බාධාවක් තියෙනවා නම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේකට ඇහුම්කන් දීලා, මේ මතය ගැන තේරුම් අරගෙන, ඒ අනුව හැසිරෙන්න දැනගන්න අවශ්‍යයි.

ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරගන්න පාර්ලිමේන්තුවට වෙන ක්‍රමයක් නැද්ද? කට්ටිය ඇතුල් කරගන්න.

එහෙම නෑ. එහෙම යාන්ත්‍රණයක් දැනට ව්‍යවස්ථාවේ නෑනේ. ඉතින් අපි යෝජනා කරනවා අර ජාතික සභාව හරහා වෘත්තීය මට්ටමේ පිරිස් වලටත් නියෝජනයක් ලබා දීලා කටයුතු කරන්න. මොකද මේ වගේ අර්බුධ වලට පත් උනහම එකඟතාවයන් ඇතිකරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.

සජිත් ප්‍රේමදාස මහත්මයා ඉවත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවාද?

නැහැ. මම නම් ඒක ගැන දන්නේ නැහැ. දැනට සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ අපේක්ෂකත්වය කණ්ඩායමේ ප්‍රකාශ කළා. ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ කාරණයක්නේ. ඊළඟට ඩලස් අලහප්පෙරුම මහත්තයත් එතුමාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයත් එතුමාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළට අපි දන්නවා එතුමා මේකට තරඟ කරනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයයි, ඩලස් අලහප්පෙරුම මහත්තයයි අතර සාකච්ඡා පැවැත්වෙන බව කියනවා. අපි දන්නේ නැහැ ඒකේ අවසානය මොකක්ද කියලා. එකඟතාවය මොකක්ද කියලා. නමුත් පොදුවේ මේ හතර දෙනාම සාකච්ඡා කරලා ඊට අමතරව ඒ හතර දෙනාට අමතරව තව දෙසිය විස්සක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. දෙසිය විස්සම එකඟතාවයන් පිළිබඳව විවෘත සාකච්ඡාවක් ඇති කර ගත යුතුයි කියන එකයි අපි කියන්නේ සම්මුතියෙන් පත් කරගන්න.

මගේ කැමැත්ත මෙයයි කියලා ඔබතුමාට කියන්න හැකියාවක් නැද්ද?

 

“මගේ කැමැත්ත කියලා දෙයක් නෑ. ඒ අපේ ප්‍රතිපත්තිමය කැමැත්ත තමයි අපි ඉදිරිපත් කළේ.”

දැන් පහුගිය කාලේ කියපු දේවල්, කරපු දේවල් සම්බන්ධයෙන් නඩු මාර්ග වලට යනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් යනවා. ඔබතුමා හිතන්නේ මොකක්ද මේක හොඳ ක්‍රමයක්ද? නැත්නම් මේ උච්චතම අවස්ථාවක ඒ වගේ දෙයක් කරන එක හොඳයිද? මොකක්ද තත්වේ?

“මමත් දැක්කා මාධ්‍ය වලින් ජනාධිපති මන්දිරය අල්ලන්න ගිය එකට, පුරාවිද්‍යා පනත යටතේ කටයුතු කරන්න කියලා. අරගලකරුවන්ට. ප්‍රශ්නේ තියෙන්නේ කවුරුවත් ඔය ජනාධිපති මන්දිරය අල්ලන්න ගියේ නැහැ ඔයිට කලින්. මේ රටේ ප්‍රශ්නයක් තිබුණා. රට බංකොලොත් වුණා. මේ රටේ මුල්‍ය නීතිය තියෙනවා. එහෙම නැත්නම් මොනිටරි ඇට් කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි රටේ මුල්‍ය පද්ධතිය පාලනය වෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය වෙන්නේ. එතකොට රට බංකොලොත් වෙනකන් මේ මුල්‍ය පනත යටතේ මහ බැංකු අධිපතිවරුන්ට, මුල්‍ය මණ්ඩලයට, නඩු දාන්නේ නැතුව, ජනාධිපති මන්දිරයට ඇතුල් වෙච්ච අයට පුරාවිද්‍යා පනත ඇතුළේ නඩු දාන්න පුළුවන්ද? මොකක්ද ඒකේ තියෙන යුක්ති යුක්ත භාවය?

ඊළඟට දෙදාස් දෙකේදී ගෙනාවා භාණ්ඩාගාරයේ ණය පාලනය කිරීම සඳහා කියලා එකක්. රාජ්‍ය මුල්‍ය පිළිබඳ වෙච්ච ඒ කළමනාකරණ පනතට අනුව භාණ්ඩාගාරය පාලනය කරපු භාණ්ඩාගාර ලේකම් මුදල් අඅමාත්‍යංශයේ ලේකම් මෙවැනි අය මේ ණය කළමනාකරණය පිළිබඳ සම්පූර්ණයෙන්ම වග වුණා. වග වෙලා තියෙනවා. ඒවා උල්ලංඝනය කරලා තියෙනවා. ඒ අනුව ඒ අයට දඬුවම් කරන්නේ නැතුව පුළුවන්ද මේ අරලියගහ මන්දිරයට ඇතුල් වෙච්ච අයට ගේට්ටු කැඩුවයි කියලා නඩු දාන්න?

මිනිස්සු බඩගින්නේ ඉන්නවා නම්, කිරිපිටි නැත්නම්, පාරේ දවස් ගණන් තෙල් ගන්න ප්‍රශ්නයක් තියෙනවා නම්, මිනිස්සුන්ගේ ඒ වගේ අවස්ථාවක හැසිරෙන්නේ ඔහොම තමයි. ඔයිට වඩා හොඳ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මේ දුෂ්ට නිලධාරි පන්තිය හා ඒකත් එක්ක ගැට ගැහිච්ච කිසිඳු ආකාරයක නීතිමය ප්‍රතිපාදනයක් කරන්නේ නැතුව මේ පුරාවිද්‍යා පනත යොදා ගැනීම අතිශයින්ම විහිළු සහගත දෙයක්. මේ ජනතාව තවත් ප්‍රකෝප කරන වැඩක්.”

ඔබතුමා බලශක්ති අමාත්‍යවරයා වුනොත් කුමක්ද මේ සම්බන්ධව කියන්නේ?

“අපේ ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා නිශ්චිත භාරකාර ජනාධිපති කෙනෙක් හා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ආවොත් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක අපි ඕන වගකීමක් අරගෙන කරන්න ලෑස්තියි. වගකීම් නැතුවත් ඒකට සහයෝගය දෙන්න ලෑස්තියි. හැබැයි එහෙම නැතුව මේ පාක්ෂික ආණ්ඩු පුද්ගලයන්ගේ බලය තහවුරු කරගන්න දේවල්. ඒ වගේම මේ රටේ මේ බරපතල තත්වය අවබෝධ කරගන්නේ නැතුව පක්ෂ ජයග්‍රහණය කරන්න යන වැඩපිළිවෙලවල් වලට අපි දායක වෙන්නේ නැහැ.”

දැන් හතර දෙනෙක්ගේ නම් කියවෙනවනේ. ඔය ඔබතුමා කිව්ව ඔය පාක්ෂික ආණ්ඩු කියන කතාව ඔතන්ට ඒ හතර දෙනාගෙන්ම ගිලිහිලාද තියෙන්නේ? නැත්නම් එහෙම වෙයි කියලා. ඒ හතර දෙනාටම පුළුවන් එකඟතාවයකට එන්න. එහෙම නැත්නම් ඒ පිටස්තර කෙනෙකුටත් පුළුවන් ඒ කටයුත්ත කරන්න?පළපුරුද්ද නැති රාජ්‍ය නායකයෝ දෙන්නෙක් හින්දා තමයි මේ වෙනකොට මේ ආර්ථික තත්වය රටට ආවේ කියලා සමාජයේ කතාවක් තියෙනවා. දැන් ඔබතුමා විශ්වාස කරනවද මේ වෙලාවේ තවත් පළපුරුදු නැති කෙනෙක් ද ජනාධිපති විය යුත්තේ, පළපුරුද්දක් සහිත කෙනෙක්ද?

“පළපුරුද්ද මොකටද කියන එකත් වැදගත්. දැන් පාර්ලිමේන්තුවේ පළපුරුද්ද කියන එක තියනවනේ. දැන් අවුරුදු විස්ස, හතළිහ, හතළිස් පහ ඉඳලා තියෙනවා. එහෙම එහෙම තියෙනවනේ. ඒගොල්ලෝ තමන්ගේ කාර්ය සාධනය කරලා තියෙනවද? පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඔය හුඟක් කතා කරන අය අමාත්‍යංශ කරපු අය අමතන්ශවල කාර්ය සාධනය මොකක්ද ඒගොල්ලන්ගේ? ඒ අමාත්‍යංශ වල ආයතන කොහොමද කරලා තියෙන්නේ? ඉතින් ඒක නිසා මේ පළපුරුද්ද, කටකතාවට කියන එකක්වත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අහවල් දීර්ඝ කාලයක් හිටීමවත් ඇමතිධූර දැරීමවත්, අගමැතිධූර දැරීමවත් නෙවෙයි. අමාත්‍යංශ කාර්ය සාධනය කොහොමද? ඒගොල්ලන්ගේ මොකක්ද තත්වය එතන්දි. මොනවද ඒගොල්ලෝ කරලා තියෙන දේවල්? ඒක නිසා ඒ කාර්ය සාධන මිනුම් දඬු අත්‍යවශයි. කාර්ය සාධනය ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මැන්නේ එක පාරයි. දෙදාස් දහඅටේ විතරයි. ඒකෙදි අපේ අමාත්‍යංශය තමයි අංක එක. ඒ ගැන අපි ආඩම්බරයෙන් කියනවා අදටත්. ඒක මේ ජයග්‍රහණයක් නෙමෙයි. පොදු ජයග්‍රහණයක්, වෘත්තීය ජයග්‍රහණයක් මේ රටේ. ඉතින් ඒක නිසා මේ කාර්ය සාධනයයි වැදගත්. පළපුරුද්ද කියන කාරණයම නෙමෙයි වැදගත් පළපුරුද්දේ කාර්ය සාධනය මොකක්ද කියන එකයි වැදගත්.”

– Media unit

53,781 views

22 Comments to “ඉදිරි පැය 24 තුළ ජනාධිපති අපේක්ෂකයින් වහාම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නැයි කියයි…”

  1. D.Nimal says:

    The proposed President Elecation that suppoused to be in 20July 2022 which not that short period of 24 hours duty of job…? His line of power of that PC Ranakawa is Man may be Engeneirng person who has deep roots with of anrahism of that JVP origin during his campus days…?
    But his politicall reading is wrong by Seeking Power-game policies changes that his line of politcal Parties and Postions time to time…? His political road map comes From the ruins of political carrier of JHU which is Not against Western model Neo-Liberalism ,but that support West and do not thinking of Remarking of Asia again.
    We are in end First quater of 21st century after two or three years. .We are looking for that next quater of next 25 years to regain Island Economy Politiacl and Social order to be reestablisment by that correct range of New Nationl Economy by depend own resoures and which is that ours suited our nationl conditions. We have working for that as team of political vision by next years come.
    We look at not as REVOLTERS ,but as moderate Democraties of Island People are working balancing of New Global Order been act by emerging countries of BRICS of nations. Old Order has collpaes in reality time being. So therefor New Globel econome in differant shape and path of developent also New Wave of Politics.

Main News