ඉදිරි මාස කිහිපයේ ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කල රටක් වෙනවා..

October 5, 2021 at 9:20 am | lanka C news
ඉදිරි මාස කිහිපයේ ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කල රටක් වෙනවා..

ඉදිරි මාස කිහිපය තුළ කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

තමන් ඒ බව ඉතා දැඩිව විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය.

ලෝකයේ එන්නත්කරණය කරන ලද රටවල් අතරින් ධනවත් රටවල් 04කටත් ටත් එහා ගිය ප්‍රමුඛ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෑම විටම ආණ්ඩුව ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම තම ප්‍රමුඛ වගකීම ලෙස කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර දී පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට දක්වමිනි.

16,401 views

11 Comments to “ඉදිරි මාස කිහිපයේ ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කල රටක් වෙනවා..”

  1. A Sri Lankan says:

    The Minister should check the decisions taken by the New Zealand Government yesterday. …

    • Norata Eka says:

      New Zealand is part of the global agenda of depopulation, the prime minister Jacinda is specially trained by young leaders development program, as Macron, president of France, Trudeau, prime minister Canada, Kurc, prime minister Austria, Merkel, Chancellor Germany…They have all been trained and put to implement the global agenda…

  2. Norata Eka says:

    ඔය වගේ අන්ධ භක්තියක් ඇති කර ගන්න එපා, එන්නත ගැන, බලන්න අධි වේගයෙන් එන්නත් ගහපු අනිත් රටවලට මොකද වුනේ කියල, අපිත් කැමතියි මේක ඉවර වෙනව නම්, ඒත් ලෝකයේ පෙන්නුම් කරන්නෙ එය නෙවෙයි, බලන්න එන්නත ගත් යුරෝපීය රටවල්, ඇමරිකාව වගේ රටවල්, ඒ වගේම ඊශ්‍රායලය, සාමාන්‍යයෙන් ඔවුන්ගේ summer months වල මේ රෝගය පැතිරෙන්නේ නෑ, නමුත් බලන්න පැතිරීම, දැන් පැමිනෙමින් තිබෙන සෙම්ප්‍රතිශ්‍යා සමය කෙසේ වෙයිද, බලා සිටිමු, ලෝකයේ සිදු වන දේ දෙස…

  3. සිරා says:

    අන්න මුදල් ඇමතිගේ නමත් රහස් ගනුදෙනු වලට ගෑවුනා කියලා ඉම්රාන් කාන්ට යකා වැහිලලු.මුල සිට හොයන්නත් පොරොන්දු වෙලාලු.
    දැන් අපේ අගමැතිතුමා මහින්ද මහත්තයටත් මලපැනලා මුල ඉදලම හොයයිද දන්නේ නෑ.

  4. හරියට කළා says:

    ඉතින් ඊට පස්සෙ…

  5. ⁣මාදිවෙල උකුස්සා says:

    ⁣යකෝ WHO එකවත් තවම එහෙම කතාවක් කියල නෑ. කමක් නෑ මීට පස්සෙවත් ගෙදර සේවකයින්ට හාල්මැස්සො හොදියි බතුයි දීලා, ගෙදර අය කාල දීසිවල ඉතුරැවෙන මස්, මාළු කෑලි ටික ගණන් කරල ෆ්‍රිඡ් එකේ දාන්න එපා කියල නෝනට කියන්න.

  6. Wijebahu says:

    No, not even after killing 13000 people.

  7. ජුවානිස් says:

    කවදා මේ බොරු නවතීද ?

  8. silva says:

    කිසිම රටකට තාම එහෙම කියන්ක බෑ, මේ ඇමති දවල් හීනයක් දැකලද කොහෙද ?

  9. කළු තර says:

    දෙය්යනේ කියල කට වහගෙන හිටපන්කො යකෝ ටික දවසක් ………

  10. handun says:

    එන්නත් කල විට ස්වාභාවික ප්‍රතිශක්තිය හීන වී වෙනත් රෝග වැලදීමේ හැකියාව වැඩි වන අතර, එන්නත් කල අයගෙන් එන්නතට විරෝදී අලුත් වයිරස් ප්‍රෙබේද හට ගනියි. මෙය ඇත්තක් ද?
    එන්නත් වලින් ජාන වෙනස් වෙයි ද?
    එන්නත් කල විට අනාගතෙදි ඇති වන අතුරු ආබාධ මොනවද?
    අතුරු ආබාද ඇති නොවේ කියා ස්තිර වශයෙන් කියන්න පුලුවන්ද? ලෙඩ රෝග සහිත දරුවන් ඇති වෙයි ද?

Main News