ඉදිරි මාස දෙක තුන ඇතුලත ඉන්ධන, අහාර සදහා මුදල් නැ…

May 20, 2022 at 5:30 pm | lanka C news
ඉදිරි මාස දෙක තුන ඇතුලත ඉන්ධන, අහාර සදහා මුදල් නැ…

‘ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ආණ්ඩු හදන්න අපි සුදානම් නැ .එහෙම හදලා වැඩකුත් නැ .ගෝඨාභය රාජපක්ෂ මහතා නැති සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සුදානම්. අපේ රට බංකොලොත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතුයි’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේතුවේදී විවාදයට සහබාගි වෙමින් කිරිඇල්ල මහතා මෙම අදහස් පළකර සිටියේය.

‘පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අත්වූ ඉරණම පිලිබදව මා කම්පා වෙනවා.අපි පාර්ලිමේන්තුවේ වාද විවාද කෙරුවට අපි කවුරුත් හතුරෝ නෙවේ.සමහර අයගේ පරම්පරාවෙන් ලැබුන දේපල පවා විනාශ වෙලා තිබුනා.රුපියල් සත වලින් එම හානිය මනින්න බැ.විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ කෙහෙළිය ඇමතිතුමාගේ නිවස,මොකද එතුමා පාර්ලිමේන්තුවට එන්න කලිනුයි ඒ නිවස හැදුවේ.මේවා ඇත්ත වශයෙන්ම මංකොල්ල කාරයන්ගේ වැඩ.එම නිසා නීතිය ක්‍රියාත්මක කල යුතුයි.වත්මන් ආණ්ඩුව පටන් ගත්ත දවසේ සිට නීතිය ක්‍රියාත්මක කරන්න මුල්තැන දුන්නේ නැ.20වැනි සංශෝධනය ගෙනාව.19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට,කථානායකතුමාට තිබ්බ බලතල ජනාධිපතිවරයාට දුන්නා.ඒ බලතල හරියට පාවිච්චි නොකළ නිසයි මේ හැම ප්‍රශ්නයක්ම ඇතිවුනේ.ගොටාගොහොම් ඇතිවුනේ ඒ නිසයි.ජනතාව ගොටාගොහොම් කිව්වට අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි ගෙදර ගියේ .ප්‍රශ්නයට විසදුමක් ලැබුනේ නැ.

එදා සිදුවිමට පලවෙනි වෙඩි මුරය තිබ්බේ අරලිය ගහ මන්දිරයේ .ඉතාමත් සාමකාමි අරගලයක් ගෝල්ෆේස් පිටියේ තිබ්බේ.මාසයක් තිබ්බා.කිසිම කෙනෙකුට ගල් කැටයක්වත් ගැහුවේ නැ.ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ අරගලය ආවරණය කරා.අපේ රටේ ව්‍යවස්ථාව අනුව සාමකාමිව විරෝධතා පවත්වන්න පුළුවන් .නමුත් එදා අරලියගහ මන්දිරයට අපු පිරිසෙන් කොටසක් නිසයි මේ ප්‍රශ්නය ඇති වුනේ.සමහර මන්ත්‍රීවරු මේ අයව උනන්දු කෙරුවා,පොලු බෙදුවා.මේ විදියට අවනීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපේ රට තව තවත් අපකීර්තියට පත් වෙනවා.අපේ රට බංකොලොත් ගරු කථානායකතුමා.ආණ්ඩු කියක් තිබුනද නමුත් කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කලේ නැ.අපිටත් මේක ලැජ්ජාවක් මොකද අපි හිටපු පාර්ලිමේන්තුව.දෙපැත්තටම විශාල ලැජ්ජාවක්.මේ බංකොලොත් විමට කවුද වගකිව යුත්තේ?ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට වග කියන්න ඕනේ.එතුමා ගත්තු වැරදි තීරණ ,පොහොර සහනාධාරය ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නියමිත වෙලාවට නොයාම .20වැනි සංශෝධනය .ඔබ තුමා 20 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ ස්ථාවර නියෝග අත්හිටෙව්වා. මේ ආපදාවට ඔබ තුමත් කොටස් කරුවෙක්.ඇත්ත වශයෙන්ම අලි සබ්‍රි වැනි උගත් කෙනෙක් ලජ්ජා නැතිව මෙවැනි සංශෝධනයක් ගෙනාපු එක ගැන මම ලජ්ජා වෙනවා.පොලිසිය ,හමුදාව,අධිකරණය ,රාජ්‍ය පරිපාලනය , මේ සියල්ල ජනධිපතිතුමා යටතට පත් කරා .අද පාර්ලිමේන්තුවට සත පහක බලයක් නැ.අධිකරණයට,පොලිසියට ඕන විදියට නිතිය ක්‍රියාත්මක කරන්න බැ.

වර්තමාන අග්‍රවිනිශ්‍යකාරතුමා නීතිපති කාලයේ පවරපු නඩු 35ක් නිදොස් කොට නිදහස්.මේවා හොදට හොයලා බලලා පරික්ෂා කරලා දාපු නඩු.එහෙම බොරු නඩු පවරන්නේ නැ.නීතිය විහිළුවක් වුනා .මොකක්ද කරන්නේ හරියට මේ නඩු වෙහෙය වන්නේ නැ.දුර්වල සාක්කි මෙහෙය වනවා.වත්මන් ආණ්ඩුව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පච වෙලා ඉන්නේ එහෙම පච වෙලත් තාම එල්ලිගෙන ඉන්නවා.දැන් ආණ්ඩුවක් හැදුව නමුත් අයි,එම,එෆ් කිව්වේ ඒ අය උදව් කරන්නේ නව ආණ්ඩුවකට කියලා.මේක අලුත් ආණ්ඩුවක්ද?පරන වයින් අලුත් බෝතල්වල .තවම කැබිනට් එක පත් කර ගන්න බැරි උනා මම එකක් කියන්නම් ගෝඨාභය රාජපක්ෂ යටතේ හදන කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැ.අයි,එම් ,එෆ් නය ලැබුනත් ලැබෙන්නේ ඉතාමත් සුළු මුදලක්.ජනතා මතය ඉස්මතු වන අලුත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ .එතකොට තමයි ජනමතය හරහා නව ආණ්ඩුවක් පත් වුනාම ජනතාවත් ආණ්ඩුවට කාලයක් ලබා දෙනවා .ජතයන්තරයත් කල් දෙනවා .එවැනි ආණ්ඩුවකට මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්.

මම ඔබ තුමාගෙන් අහනවා මේ රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මොකක්ද දෙන දඩුවම?පොතේ තිබ්බට ජනාධිපතිවරයාට විරුද්දව දෝෂාභියෝගයක් ගේන්නත් බැ මොකද ඒක කරන්න බැරි වැඩක්.මොකද ඒක දිනන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයාට මොලයේ අමාරුවක් කියලා ඔප්පු කරන්න ඕනේ.

ගරු කථානායකතුමනි ඔබතුමා දෝෂාභියෝගයක් ගෙන්න පරක්කු නිසා අපි ජනාධිපතිවරයාට විරුද්දව අප්‍රසාදය පල කිරීමේ යෝජනාවක් ගෙනාවා .නමුත් ඔබතුමා ඉඩ දුන්නේ නැ.සංවාදය නැවැත්තුවා.විවාදයට ඉඩ දුන්නා නම් රටේ ප්‍රශ්න කතා කරන්න තිබුනා.පාර්ලිමේන්තුවක් වශයෙන් ඔබතුමා දැන්වත් මැදිහත් වෙන්න .අපේ රටට කුරිරු අනාගතයක් පේන්න තියෙන්නේ.ඉදිරි මද දෙක තුන ඇතුලත ඉන්ධන,අහාර සදහා මුදල් නැ.දේශප්‍රේමි ආණ්ඩුව ,විරෝධාර ආණ්ඩුව දැන් හිගමනේ යනවා.අපේ ආණ්ඩුව කාලේ ජනතාව තුන්වේල කාලා සතුටින් හිටියා .අගමැතිතුමා කිව්වා හිස් ඉඩම් වල වගා කරන්න ඕනේ කියලා.මම එතුමාට කියනවා උඩරට පළාත්හි රාජ්‍ය සමාගම් වතු ඉඩම් විශාල වශයෙන් තියනවා ඒවා ප්‍රයෝජනයට ගන්න කියලා.මම විශේෂයෙන්ම කියනවා රට බංකොලොත් කරපු ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කරන්න ගෙනාපු විවාදයට ඔබතුමා ඉඩ ලබා දුන්නේ නැ .තාම දේශපාලනය කරන්නේ ඔබතුමා.නැවතත් කියනවා ගෝඨාභය රාජපක්ෂ යටතේ අටවාගෙන හදන ආණ්ඩු ජාත්‍යන්තරය පිළිගන්නේ නැ .රට බංකොලොත් කරලත් මේක පිළිගන්නේ නැනේ .අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ .ආණ්ඩුවක් හදන්න ඕනේ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ආණ්ඩු හදන්න අපි සුදානම් නැ .එහෙම හදලා වැඩකුත් නැ .ගෝඨාභය රාජපක්ෂ මහතා නැති සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සුදානම් .ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්න කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැ’

– මාධ්‍ය ඒ්කකය

50,691 views

6 Comments to “ඉදිරි මාස දෙක තුන ඇතුලත ඉන්ධන, අහාර සදහා මුදල් නැ…”

  1. Nishanthi says:

    Ane ubalaa karana aandu .den monawahari kaage hari adu paaduwak penwamin wagakeeme gelawenna.oya moda sajith ekka ratak paalanaya karanawa kiyanne moda kathaawak

  2. Sinhalaya says:

    Me nakie hampadayata emathikamak nolebena nisa pissu hedila me wage jathidrohi kalakanni paharayawanam ganna epa kismadeyakata .muta yana enaman nethiwa dagalanne oluwa narak wela awajathaka balla

  3. Mahajanaya says:

    යහ පාලනේ නම ගහගෙන , උබලත් මේකෙ ජයටම හොරාකාපු සල්ලි දීපියව්.එතකොට රටට හොද කලක් යනව​. You guys are highway robbers. Do not try to finger other when your hand is fully dirty.

    • ඕන ගොනෙක් says:

      හරියට හරි, ඔය කිරිඇල්ලයා විතරක් නෙවෙයිි උගේ දුවයි, ඒ වටේ හිටිය මාර්ග කොන්ත්‍රාත් කාරයෝයි එකතුවෙලා ගහපු ගැහිලි තමයි උඹලා අපි අද විදවන්නේ.

  4. JR says:

    හන්තානෙ ඉඩං ටික විකුණපු සල්ලි වලින් ⁣බඩු ගේමුද.? ජනාධිපතිවරණයෙන් පරද්දන්න ලේසිම කෙනා ගොටාබයව බව කිව්වා නේද.? ඕන ගොනෙකුට හන්තාන කට්ටිකරල විකුණන්න පුලුවනි හරිය… !!!!

  5. අනේ ගොනෝ says:

    මෙච්චර දවස් ගෑස්, තෙල් ගෙන්නන්න මූ සල්ලි දුන්නා වගේ හරියට දැන් සල්ලි නෑ කියන්නෙ. ඕන ගොනෙකුට තප්පුලන්ඩ විතරයි පුලුවන්.තෝ වැඩක් බලාගන්

Main News