ඉදිරි මාස දෙක තුල ETCA අත්සන් තබන බව ඉන්දියාව කියයි…
October 10, 2017 at 3:00 pm | lanka C news
ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අත්සන් තැබීමට යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ශ්‍රී ලංකාවට පහසු අයුරින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නව දිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා අංශය භාර සහකාර ලේකම් ආචාර්ය බිනොයි ජෝර්ජ් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට පහසු කාලසීමාවක් ඇතුළත ලංකා ගිවිසුම අත්සන් කිරීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකාව මේ වසර අවසානයේදී ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් බව ප්‍රකාශකර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසී.
ඉන්දීය ආරාධනයක් මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහයෙන් එරට සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් ඔහු මේ අදහස් පළ කළේ ය.
මෙහිදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ගන්නේදැයි විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ තවම ඒ පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාකච්චා කරමින් යන බවත් එය ලබාගෙන සංවර්ධනය කළ හොත් බලශක්තිය ආරක්ෂාවට ලොකු පිටුවහලක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ය.
එට් කා එනවනම් ජනතාව ගොඩක් කැමති වේවි මොකද අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිට වර්ජන වලින් පාඩම් උගන්වන්න හදන කුණු දොස්තරයන්ගේ අහංකාර පොන්න ආඩම්බරය; ඉන්දියාවෙන් අඩු පඩියක් ගෙවල හොද විසේසච්න දොස්තරලා මාසෙකට රුපියල් 25000 පඩියට ගෙන්නලා බස්සන්න මේක හොදම අවස්ථාව. කොහොමද ඉන්දියාවේ ඇපලෝ එකේ දොස්තරලා මෙහෙ ඇවිත් ලොව මවිත කරන සැත්කම් කරනකොට. අපේ පුහු මාන්‍ය තියෙන කුණු දොස්තරයෝ නිකන්ම කිච වෙනවා උන්ගේ හිතේ තියෙන ලේද්දුන්ගේ කුණු අල්ලන උන් අමුතු පන්තියක් කියන සිතිවිල්ල සක්කිලියෝ කියන නාමයෙන් ඉස්තිරව මුන්ට පට බැදෙනවා.