ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් පමණයි.. පොහොට්ටුවේ පුංචි මන්ත‍්‍රීන් ඒකමතිකව යෝජනා සම්මත කරති..

January 13, 2019 at 12:00 pm | lanka C news
ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් පමණයි.. පොහොට්ටුවේ පුංචි මන්ත‍්‍රීන් ඒකමතිකව යෝජනා සම්මත කරති..

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තරග කල යුත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් පමණක් යයි එම පෙරමුණේ දඹුල්ල ආසනයේ පලාත් පාලන මන්ත‍්‍රී සංසදය ඒකමතිකව තීරණය කර ඇත.

ඊයේ දිනයේ දඹුල්ල යාපාගම පක්‍ෂ කාර්යාලයේදී පැවති මන්ත‍්‍රී සංසද හමුවකදී ඔවුන් ඒකමතිකව මෙම තීන්දුව ගත් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් තරුණ නායකත්වය උසුලන මධ්‍යම පළාත් සභා වේ හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.

එමෙන්ම ඉදිරියේදි පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී තරග වදින්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවටද තීරණය කල බව ද ඔහු කියා සිටියේය.

මෙම තිර්ණය පළිබදව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් දැනුවත් කරකිමට යටයුතු කිරිම සිදුකරණ බව ඒ මහතා පැවසිය.

– මහින්ද උදයසිරි රත්නායක

49 views

8 Comments to “ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් පමණයි.. පොහොට්ටුවේ පුංචි මන්ත‍්‍රීන් ඒකමතිකව යෝජනා සම්මත කරති..”

  1. ක්‍රිමිනල් says:

    ඔය පොහොට්ටුවේ චන්ද ගොඩ වැටෙන්නේ මහින්ද කියන නමට මිස හාල් කෑලී ප්‍රාදේශිය , පලාත් ,පාර්ලීමේන්තු නියොජනය කරන කබ්බන්ට නොවේ. මහින්ද කවදා හරි දේශපාලන දිවියෙන් සමු ගත් දිනක ඔය හොරිකඩ පොහොට්ටු ,දේශපාලන අනාථයන් සියල්ලටම අබ සරණයි ! අනිත් කාරනේ , මොකා කස්තිරං ඇල්ලුවත් අවසාන තීරණය ගනු ලබනු ඇත්තේ මහින්ද රාජපක්ශ ප්‍රමුඛ තම පවුල විසින්ම පමණකි.

    • sayumi says:

      පොහොට්ටු සාමාජිකයින් එකතු වෙන්නේ නිවැරදි ප්‍රතිපත්ති වටායි. මහින්ද මැතිතුමා සමග නොවෙනස්ව ඔවුන් සිටින්නේ ඒනිසායි. එතුමාගෙන් පසුව හෝ ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන ඊලඟ නායකයා එය මෙහෙයවාවි. ජනතාව එවිට ඒ නායකයා වටා එක්‍ රැස් වේවි.
      යූ ඇන්පියට වගේ නායකයින්ගෙ අහේනියක් පොහොට්ටුවට නෑ.

      • ක්‍රිමිනල් says:

        අහසෙං පොලවට වැටුනා වගේ කතාකරන්නෙපා , පොහොට්ටුව වේවා , නිදහස්පස්සේ වේවා , ජන්තා සන්ධානේ හෝ වේවා , මේ මොන පස්සෙත් චන්ද වැටුනේ “මහින්ද” කියන පුද්ගලයට , නැතුව මේ අර ප්‍රතිපත්තී ,මේ ප්‍රතිපත්ති වලට නෙමෙ , වැඩි කතා බතා ඔනේනැ , ඊලග ජනාධීපතිවරනෙට මහින්ද හැර ඔනෑම පුද්ගලයෙක් (පොහොට්ටුව හෝ නිදහස් පස්සේ නියොජනය කරන ) දාලා බලන්නකො මොනවද වෙන්නේ කියලා. අනිත් කාරනේ “රාජපක්ශලා” හැර පොහොට්ටුවේ ඉන්න වෙන නායක්ත්වය දරන්න පුළුවන් “එක්කෙනෙක්” කියන්න බලන්න .

        • ගන්ජ බන්ඩා says:

          මහින්ද කියන්නෙ මහින්ද චින්තනය බූරැවෝ.

        • ටිකිරි says:

          පොහොට්ටුවෙ ඉන්න නායකයො ගැන වෙලාව ආවම තමුන්ට දැන ගන්න ලැබේවි. ඒ ගැන කලබල නොවී ඉන්නවා. බන්ඩා, ඔබ හරි. මහින්ද කියන්නෙ මහින්ද චින්තනය. මහින්ද මැතිතුමාට මේ රටේ මිනිස්සු ආදරය කරන්නෙ එතුමාගෙ ප්‍රතිපත්ති නිසා වගේම එතුමා මේ රට බේරාගත් එකම නායකයා නිසා. හැබැයි හිතන් ඉන්නෙ එතුමා නැති දවසක පොහොට්ටුව ඉවරයි කියලා නම්; ඒ තමුන්ට වලිගෙ පෑගිලා නිසා.

        • sayumi says:

          ” ඊලග ජනාධීපතිවරනෙට මහින්ද හැර ඔනෑම පුද්ගලයෙක් (පොහොට්ටුව හෝ නිදහස් පස්සේ නියොජනය කරන ) දාලා බලන්නකො මොනවද වෙන්නේ ”
          දාපු දවසට බලාගන්නකො මොකද වෙන්නෙ කියලා. එදාට දැනෙයි කව්ද අහසෙන් වැටුනෙ කියලා.

  2. අනේ යකෝ says:

    ජීවත් වනතුරු නායක කමේ ඉන්න දඟලන රනිල්ගෙ වහල්ලුන්ට පොහොට්ටුව හා ශ්‍රීලනිපෙ ඉදිරි නායකත්වය ගැන තියෙන්නෙ පුදුමාකාර කැක්කුමක්නෙ 😂

  3. බන්ඩා says:

    අලිකොටිසීනු හවුල තීරනාත්මකව පරාජය කල හැක්කේ ශ්‍රිලනිප සහ පොහොට්ටුව එක් උනොත් පමනක් බව 2018 පෙබරවාරි පලාත්පාලන චන්දෙදි ඔප්පු උනා. ශ්‍රිලනිප (14%) සහ පොහොට්ටුව (44%) සංධානයක් ලෙස එක් උනොත් (58%) අති බහුතර ආසන සංඛයාවක් දිනා ගත හැකි බවත් ජනාධිපතිවරණයද ස්තීරවම දිනිය හැකි බවත් ඔප්පු උනා.

    ඒ නිසා පුද්ගලික වාසියට බොරැ කය්ය එපා. ශ්‍රිලනිප සමග පොහොට්ටුව ඇන කොටා ගත්තොත් වාසිය අලිකොටිසීනු නඩේට බව අපි කවුරැත් තේරැම් ගත යුතුය්. නව සංශෝධනයේ තරඟ කරැවන් නියම දිනයෙදි තෝරමු. එහෙත් ‘අලිකොටිසීනු’ හවුල පරාජය කල හැක්කේ මහින්ද සිරිසේන එකතු වී හදන සංධානයට පමනක් බව තේරැම් ගනිමු.

Main News