ඉදිරි මැතිවරණයේ තරග කරන කිසිවෙකුට රජයේ ආයතනවල මුල් පුටු නෑ..- ජනපතිගේ විශිෂ්ඨ තීන්දුවක්..

December 14, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි මැතිවරණයේ තරග කරන කිසිවෙකුට රජයේ ආයතනවල මුල් පුටු නෑ..- ජනපතිගේ විශිෂ්ඨ තීන්දුවක්..

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් කිසිවකු රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරුවලට පත් නොකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ දැනුම් දීමක් මත මෙම තීන්දුව ගෙන ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව දැනට එවන් තනතුරු සඳහා යෝජනා වී තිබූ නම් කිහිපයක්ම ඉවත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු ආයතනවල ඉහළ තනතුරු ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැර දමා ඇත.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම තනතුරු සඳහා මැතිවරණයට ඉදිරිපත්වීමත් අදහස් කර සිටින පුද්ගලයන් පත් කළ හොත් සිදු වන්නේ ඔවුන් මැතිවරණය ඉලක්ක කර ආයතනයේ මුදල් වියදම් කිරීමට පෙළඹෙන බවයි.

147 views

10 Comments to “ඉදිරි මැතිවරණයේ තරග කරන කිසිවෙකුට රජයේ ආයතනවල මුල් පුටු නෑ..- ජනපතිගේ විශිෂ්ඨ තීන්දුවක්..”

  1. GaminiK says:

    Excellent and exemplary start of good governance of H.E the President of government of Sri Lanka. We are very proud of you sir.

  2. සුදුස්සට තැනදී...😊😊 says:

    සුද්දෙක් දැකලා අප තරුණ හැකියාව
    පින්සලට දක්‍ෂ පෙන්වපු නැති රැකියාව
    සුදුස්සට තැනදී සහජ දියුනුව හැකියාව
    කරනු ජනපති පන්නර දීලා තරුනයාව

    ලක්‍ෂ එකොලහක්ම ත්‍රීවීල් පාරේ දුවති
    පිරිමි තරුණ ජවය ත්‍රීවීල් වලටම පුදති
    වයසට ගියාම පැන්‍ෂන් පඩියක්ද නැති
    බැරිකල දරුවෝ ඩුබායි කුලියට යවති

  3. සිංහල බන්ඩා says:

    ‘යහපාලනය’ කියන්නෙ ජනාධිපති ගෝඨාභය ගේ පාලන ක්‍රම වේදයටය්.

  4. exUNPer V says:

    අන්තිමට රටට යහපාලනය ගේන්නෙ ගෝඨාභය තුමා !

  5. kamal says:

    කපටිකමට නෙවෙයි මම කිව්වෙ චිත්ත විසුද්ධිය නැ කියා ඒ තමයි මනුෂ්‍යත්වය මගෙ නෙවෙයි අජාසත්ත කුමාරයාගෙ නමුත් මට තියෙනවා සකෘදාගාමි ඵලය ඒය නිසා මට අමාරු නැ ෙමාකද මම දන්නවා මම ෙසාවාන් නෙවෙයි සකෘදාගාමි කියා නමුත් උඹගෙ හැම මනුෂයත්වයකම නැති මනුෂ්‍යත්වයක් මට තියෙනවා උඹට තියෙනවා ධ්‍යාන සමාප්ප්ති කියන මයිත්‍රිය නමුත් ඒය අරමුණු වෙන්නෙ නැ අැයි ඒ තමයි උඹගෙ මනුෂ්‍යත්වය. මෙයට කියන්නෙ පළමු වන ධ්‍යානය කියා.මම අහන්නෙ චත්‍රරාර්යය සත්‍යය තියෙන්නෙ මයිත්‍රිය නිසා නෙවෙද නැතිනම් අකුසල් වෙනවා ගොඩක්

    • Janaka says:

      To : Admin
      මේ පිස්සු xකයගේ පිස්සු විකාර මේකේ පලකරන එක කරුණාකර නවත්වන්න. මාතෘකාවට කොහෙත්ම අදාල නැති වල්පල් නේද මේ යකා ලියන්නේ.

  6. Upul says:

    This is an excellent decision which has to be appreciated by everybody. This shows GR has some forward thinking power. Looks like the country is heading towards the proper direction.

  7. Podi malli says:

    ජනාධිපති තුමෝ..පැරදුන එවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගන්නේ නෑ කියලත් කියමුද….මොකද එක තමා හොදම තීරණේ වෙන්නේ..මම දන්නා හැටියට UNP එක මේ දේ කළා…ගියපාර සන්ධානේ පැරදුන හැමෝම හිටන් ඇතුලට අරගත්තා

  8. පීටර් says:

    කෝ මේ ටොයියෝ?

  9. Dhammika says:

    President Hotabhaya should not take side of Debunk Vibajjavadi sambhashana party. They know they are misguiding mass by preaching a religion and it’s benefits.

    Buddha taught a dharma to enlightenment not a religion full of rituals. Most Ven. Meewanapalane Theros one Dhamma talk is enough to see the pure Dhamma.

Main News