ඉදිරි මැතිවරණවලට එජාපය හැර ඕනම පක්ෂයකට මහින්දගේ පොහොට්ටුවෙන් තරග කල හැකියි..- බැසිල්
August 26, 2017 at 8:40 am | lanka C news
ඉදිරියේදී එන ඕනම මැතිවරණයක් සඳහා තරග කිරීමට මේ වනවිට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් එහිදි එම පක්ෂයේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට අවශ්‍ය ඕනම පක්ෂයකට හෝ කණ්ඩායමකට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හරහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඉඩ ලබාදීමට සුදානම් බවත් එත් මොනම අවස්ථාවක හෝ එදා බණ්ඩාරනායක මහතා විසින් තම ප්‍රතිවාදියා ලෙස සැලකූ එක්සත් ජාතික පක්ෂයට මෙම පක්ෂය තුල ඉඩ නොමැති බවත් හිටපු ශ්‍රිලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසු බැව් ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
පලාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ පාර්ලිමේන්තුවේ දි අනුමත කරගත් කේෂ්ත්‍ර නිලධාරින්ට රාජකාරියෙන් ඉවත්වී වසරක් යනතුරු පලාත් පාලන මැතිවරණයකට තරග කිරීමට නොහැකි වන සේ තංහචි දැමීම එදා බණ්ඩාරනායක මැතිතුමා රාජ්‍ය නිලධාරින්ට ලබා දී තිබු අයිතිවාසිකම් කප්පාදු කිරීමක් බවත් ඒ හරහා එජාපයේ ජනතා විරෝධී යෝජනාවකට වර්තමාන ශ්‍රිලනිප සමහර මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේ අත උස්සා ඡන්දය ලබාදීම හරහා ඔහුන් තමන් නියෝජනය පංච මහා බලවේගයන් අමතක කොට ඇති බවත් හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
ජයවේවා ශ්‍රීලංකා පොදුජන පෙරමුණට, අපේ අනාගතය ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රීලංකා පොදුජන පෙරමුණයි.
ආප්පයා යූඑන්පි එකේ දංකොඩේ කනවා අපේ ඡන්දය අරන් ගිය උන් එක්ක. මුන්ට ගමට එන්න බැහ ආයේත් ශ්‍රිලනිප ඡන්දය ඉල්ලන්න. යුඑන්පි ඈයෝ වගේම අපිව පවා දුන්න ඩීලාන්ලා අමරවීරලා දුමින්ද දිසානායකලාත් ගන්න එපා………….
බැසිල් ඇමතිතුමනි ඔබ අපේ පැරණි ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අභිමානය සහ ගෞරවය රැකීමට ගත් උත්සහයට අපේ ප්‍රණාමය.
නොම්බර එකේ කළු සුද්දෙක් වෙච්ච ලලිත් වීරතුංග ව සිල් රෙදි නඩුවෙන් නිදහස් වෙන හැටි බලාගෙන ඉමු. ඔය දාන නඩුවලින් වැරදි කාරයෝ කරන්නේ කීප දෙනයි.wimal weerawansa wife , කළුතර රත්තරන් වැරදිකාරයෝ කරන්න ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ.රාජපක්ෂ පවුලේ කවුරුවත් වැරදි කාරයෝ කරන්නේ නෑ. එහෙම නිකම් සෙල්ලම් තමා මේ කරගෙන යන්නේ
මොකා ගත්තත් නිදහස් පක්ෂ කට්ටිය එහෙම ගන්න එපා බැසිල්
Den Anduwe inna SLPF heththa ekekwath ganna epa..