ඉදිරි වසර දෙක තුන ඇතුළත මෙරට වැවිලි ආර්ථිකයේ විප්ලවයක්…
March 21, 2022 at 2:04 am | lanka C news
දැනට වගාකර ඇති ප්‍රදේශවල ට අමතරව තේ, පොල් ඇතුළු අනෙකුත් කෘෂි වගාවන් දිවයිනේ තවත් ප්‍රදේශවල ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
දැනටමත් ඒ සඳහා සුදුසු ඉඩම් තෝරාගෙන අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු සදහන් කළේය.
මෙරට තේ සහ පොල් වගාකර ඇති ඉඩම්වල නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ කෘෂි වන වගා නියමු ව්‍යාපෘතිය පිළිබඳව හඳුන්වා දීමේ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම ආදර්ශ කෘෂි වන වගා නියමු ව්‍යාපෘතියට නෙදර්ලන්ත රජය මූල්‍යමය ආධාර සපයනු ලබයි. පොල් පර්යේෂණායතනය, තේ පර්යේෂණායතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා නෙදර්ලන්තයේ වැගොනිගන් විශ්ව විද්‍යාලයේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙම කෘෂිකර්ම ආදර්ශ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල වැවිලි සමාගමට අයත් පොල් ඉඩමක හා මස්කෙළිය ගාට්මෝර් තේ වත්තේ ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බත්තරමුල්ල, වෝටර් එජ් හෝටලයේ පැවැති එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මෙරට ජාතික ආර්ථිකයට වැවිලි අංශය විශාල දායකත්වයක් සපයනවා. අපනයනය ආදායමෙන් දෙවනියට විශාල ආදායමක් උපයන්නේ වැවිලි අංශයයි. ඒ නිසා මෙරට වැවිලි අංශය දියුණු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කැපවීමෙන් ක්‍රියා කරනවා.
දැනට තේ සහ පොල් වගා කර ඇති ප්‍රදේශ හැරුණු විට තවත් අලුත් ප්‍රදේශවල මේ වගාවන් ඇතුළු අනෙකුත් වගාවන් ව්‍යාප්ත කරන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සුදුසු වතු තෝරාගෙන ඒ ආශ්රිත පර්යේෂණ කටයුතු මේවනවිට සිදුකරනු ලබනවා.
ඒ අනුව ඉදිරි වසර දෙක හෝ තුන ඇතුළත මෙරට වැවිලි ආර්ථිකයේ විප්ලවීය වෙනසක් සිදුවේවි.
ඒ වගේම මේ වනවිට නෙදර්ලන්තය ලෝක කෘෂි කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් සිටිනවා. ඒ නිසා මෙරට වැවිලි ආර්ථිකය දියුණු කිරීමට ඔබ ලබාදෙන තාක්ෂණික හා මූල්‍යමය දායකත්වය බොහෝ සෙයින් වටිනවා.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඉදිරි කාලයේදී ඔබට දැක ගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී (නියෝජ්‍ය) Her Excellency M.S. Anouk Baron , නෙදර්ලන්ත රජයේ කෘෂිකර්ම උපදේශක mr. Michelin van Erkel, ව්‍යපෘති කළමනාකරු Mrs. Maaike Snel සහ කුරුණෑගල හා මස්කෙළිය වැවිලි සමාගම්හි ප්‍රධානීන්ද මෙහිදී අදහස් පළකළහ.
මාධ්‍ය ඒකකය
වැවිලි අමාත්‍යාංශය
පොන්න ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන්
අමන තකතීරු වාක්‍යයක් සැරින් සැරේට දෙසා බෑවේ නැත්තං
උඹලාව ඇමතිකම් වලින් පන්නා දමයි, සියලු සැප නැතිවෙයි කියලා බයටද
රටට මෙච්චර කෙලවලා තියෙන බව ඇස් ගෙඩි දෙකට දැක දැකත්
උඹලා මාරුවෙන් මාරුවට, සතියෙන් සතියට ජරාපක්ෂල වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන්නේ ???
වැවිලි නෙමෙයි බන් වවාගෙන කැවිලි තමයි කවදත් වෙන්නේ 🎭🤡
“බත්තරමුල්ල, වෝටර් එජ් හෝටලයේ පැවැති එම උත්සවයේදී”. වැවිලි කෙසේ වෙතත් උත්සව නම් ඉතින් උපරිමයෙන් තියෙනව. මුන්ට ඡන්දෙ දෙන උන්ට මෙහෙම වෙලා මදි. මේ උත්සවය BMICH or රාජ්‍ය ආයතනක අඩු වියදමකින් පවත්වන්න බැරිද. විද්ශිකයන් සිටින නිසා ලස්සනට පැවැත්වුවා ට , ඔවුන් බොරු වියදම් වලට කැමති නැ.
උඹ දන්නේ නැති උනාට වෝටර් එජ් එකත් ආණ්ඩුවේ තමයි. ඒ ආදායමත් යන්නේ ආණ්ඩුවට තමයි. හැමඑකකම ඍණ දේ විතරක් හොයා හොයා කියන්න එපා බන්. ඇත්ත දේ විතරක් කියපන්.
ආණ්ඩුවේද ….
එහෙම නැත්තං ඒකත්
මේ අපේ ජරාපක්ෂලාගේද ???
Ow mage puthi, wawili edam tika chine ta saha indiyawata wikunanawa. Lankawe goviyo wahal sewayata.
ලොක්කට කියල වැරදුන කුරුමානම නිවැරදි කරන්න. කාබනික පොහොර පොල්, රබර් තේ වගාවලට අවශ්‍ය පෝෂණය දෙන්නේ නෑ.පොල්වලට ආදේශක උත්සාහ කලා.ඒත් අසාර්ථකයි.වගාව කියන්නේ වී,එලවලු විතරද.
ඤාාන අක්කා මෙහෙම කියන්න කියලා ඇති. හංගගෙන හිටියට අපි දැක්කා රතු නූල , ටීවි එකේ.
“බත්තරමුල්ල, වෝටර් එජ් හෝටලයේ පැවැති එම උත්සවයේදී”. වැවිලි කෙසේ වෙතත් උත්සව නම් ඉතින් උපරිමයෙන් තියෙනව. මුන්ට ඡන්දෙ දෙන උන්ට මෙහෙම වෙලා මදි.
ඤාාන අක්කා මෙහෙම කියන්න කියලා ඇති. හංගගෙන හිටියට අපි දැක්කා රතු නූල , ටීවි එකේ.
නෙදර්ලන්තෙන් ගොඩ බහින ලන්දේසි උන් කියන්නේ….
ලෝකෙන්ම අපේ රටේ විතරක්ම තිබෙන
පැලෑටි , ඉන්න සත්තු හොරකම් කරගෙන උන්ගේ රටට අරගෙන ගිහිල්ල පොඩි වෙනසක් කරල පේටන්ට් බලපත්‍ර ගන්න හැත්තක්