ඉදිරි වසර පහේදී ශ‍්‍රී ලාංකිකයින් මිලියනයකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කරන්න වෙනවා..

October 14, 2016 at 2:03 am | lanka C news
ඉදිරි වසර පහේදී ශ‍්‍රී ලාංකිකයින් මිලියනයකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කරන්න වෙනවා..

ලෝක අක්ෂි දිනය නිමිත්තෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන සංවිධානය කරන ලද පාගමනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට නිදහස් චතුරශ‍්‍රය දක්වා පාගමන පැවැති අතර, ඉන් පසු පැවැති උත්සව සභාව අමතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවැසීය.

සෑම වසරකම ඔක්තෝබර් මස 02 වන බ‍්‍රහස්පතින්දා ලෝක අක්ෂි දිනය අපි සමරනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවර පාගමනක් සහ විශේෂ අක්ෂි සායනයක් සංවිධානය කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ සහයෝගය මත විෂන් 2020 කාර්යාලය අන්ධභාවය අවම කිරිම සදහා වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරනවා.”

පසුගිය කාල පරිචිඡේදය තුළ පාසල් දරුවන් ලක්ෂ 03 කට වැඩි පිරිසකට ඇස් කණ්නාඩි ලබාදී තිබෙනවා. විෂන් 2020 කාර්යාලයේ මැදිහත්වීම මත ලක්ෂයකට වඩා පුද්ගල පිරිසකගේ ඇස් සුද ඉවත් කිරීෙමි ශල්‍ය කර්ම සිදු කළා. ජංගම අක්ෂි සායනයක් ඉදිරි සති 03 ක කාලය තුල ලබාගැනීෙමි හැකියාව අපට තිබෙනවා. ශ‍්‍රී ලංකාෙවි මිලියන 20 ක ජනගහනයෙන් මිලියනයක් පමණ ජනතාව අක්ෂි ආබාධ වලින් පීඩා විදිනවා. සමීක්ෂණවලට අනුව ශ‍්‍රී ලංකාෙවි අන්ධභාවයේ ව්‍යාප්තිය සියයට 1.7 යි. ශ‍්‍රී ලංකිකයින් අතරින් සියයට 1.7 ක් ඇස් දෙකම නොපෙනන ජනතාව වීම කණගාටුවට කරුණක්. ශ‍්‍රී ලංකාෙවි අන්ධභාවයට ප‍්‍රධානතම හේතුව ඇසේ සුද මතුවීමයි. ඇසේ සුද ඉවත් කිරීෙමි හල්‍ය කර්ම මිලියන 01 ක් ඉදිරි වසර 05 තුළ සිදු කිරීෙමි අවශ්‍යතාවය මතුව තිබෙනවා.”

මෙම අවස්ථාවට විෂන් 2020 කාර්යාලයේ අධ්‍යක්ෂ අසේල අෙබිධීර මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

19 views
Main News