ඉදුරුවේ ආචරියාට වූ දේ සුජීවාචාරියාටත් වෙයි.. බැදුම්කර පොත ගැන කියන්න කැදවූ මාධ්‍ය හමුවෙන් අමාරුවේ වැටී අතරමැද නවතා දමයි..[Video]
November 21, 2017 at 10:11 pm | lanka C news![ඉදුරුවේ ආචරියාට වූ දේ සුජීවාචාරියාටත් වෙයි.. බැදුම්කර පොත ගැන කියන්න කැදවූ මාධ්‍ය හමුවෙන් අමාරුවේ වැටී අතරමැද නවතා දමයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/sujeewa.jpg)
රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ විසින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැදවා තිබින.
බැදුම්කර කොමිසමේදී හෙලිවූ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතන ඇමතුම්, බැදුම්කරේ ඇත්ත නැත්ත පොත සම්බන්ධයෙන් මෙහිදී ඔහු විසින් ප්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබීය.
තමන් අර්ජුන් ඇලෝසියස්ට එත්‍රම් දුරකතන ඇමතුම් ගත්තේ අදාල කෘතිය රචනා කිරීම සදහා අවශ තොරතුරු ලබා ගැනීමට බව ඔහු එහිදී සදහන් කලේය.
බැදුම්කර සිදුවීමේදී කිසිදු වංචාවක් සිදුව ඇති බවක් අද වන තුරුත් හෙලිව නැති බවත් අදටත් තමන් එම ස්ථාවරයේ සිටින බවත් ඔහු පැවසීය.
මාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම ඇමතිවරයා අසීරුතාවයට පත්වන ලෙස හරස් ප්‍රශ්න ඇසීම සිදු කල අතර අවසානයේ ඇමතිවරයා මාධ්‍ය හමුව නවතා වන්නට ගියේය.
ඉපැරණි ප්‍රස්තා පිරුළක් කවියෙන් මෙසේ වෙයි.
‘එකක් කඩතොලූ වසාගන්නෙ ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොලූ හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා’
එකී මාධ්‍ය හමුවේ වීඩියෝව මෙතනින්
දැන් ඔන්න ඕනෙනම් සුජීවට බොරුවට නොව ඇත්තටම
ජාතියෙන් සමාව ගන්නවනම් හොඳම අවස්ථාව.
May Gona nikang anagena……………………Moo ta mad Cow disease.
ඔය මහත්තය පොත ලිව්වෙ 2015 දි. ඔය කෝල් අරගෙන තියෙන්නෙ 2016.