‘ඉන්ටනෙට් නොමිලේ දියවු..’ – ජවිපෙ විරෝධතා..

December 17, 2020 at 12:40 pm | lanka C news
‘ඉන්ටනෙට් නොමිලේ දියවු..’ – ජවිපෙ විරෝධතා..

දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සමව ලබා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පුත්තලම නගරයේ විරෝධතාවයක (16) වන දින නිරත වූහ.

පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය සදහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් එක්ව සිටි අතර, පැයකට ආසන්න කාලයක්  පෝස්ටර්, බැනර්, කටවුට් ඔසවමින් නිහඩ විරෝධතාවයක නිරත විය.

මෙහිදී විරෝධතා කරුවන් පවසා සිටියේ කොරෝනා වසංගතයත් සමග දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වද්දි දෙමාපියන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අධික වියදමක් දැරීමට සිදුව ඇති බවයි.

මේ හේතුව නිසා සමස්ථ දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් රජය නොමිළේ ලබා දීමට කඩිනමින් කටයුතු කර දෙන ලෙසය.

ඒ සමගම මේ වන විට අධාල වී ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ක්‍රමවේදයන් යටතේ ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත්, එය කඩිනමින් ලබා දීමට කටයුතු කල යුතුව ඇති බවත්, මෙහිදී විරෝධතාවයට එක්වූ පුත්තලම දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ කැදවුම්කරු අජිත් ගිහාන් මහතා පැවසීය.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

17,735 views

14 Comments to “‘ඉන්ටනෙට් නොමිලේ දියවු..’ – ජවිපෙ විරෝධතා..”

  1. Mssilva says:

    2.5%
    Thawa monawadda ona ane

  2. Jepi buster says:

    ආසියාවේ දෙවන ආර්ථිකේ තිබ්බ රට කැරලි ගහලා ගිනි තියලා ෆ්ලැට් කරපු කාලකන්නි ජෙප්පෝ.
    තොපි එදා පිස්සු නැටුවේ නැත්නම් අද මේ ප්‍රශ්න මුකුත් නෑ.

  3. On The Spot says:

    ඉන්ටර්නෙට් නොමිලේ දෙන්නම්,භීෂණ සමයේ උදුරාගත් හැඳුනුම්පත් ආපහු දියව්.

  4. Osmand says:

    එලව එලවා පහර දිය යුතුයි. රතුපස්සර මිනිස්සු උසිගන්වා කල බොරුව අපට මතකයි. මුං රටට පිලිල.

  5. ක්‍රිමිනල් says:

    3% මිනීමරු JVP රතු අලි කම්බ හොරුන් ට නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් බූරු පුතානෝ කම්බ හොරාගෙන් ලැබුන ෆ්‍රී වයිපයි, වොක්සාවැගන්, ගූගල් බැලූන් මදි වෙලාද..? දුවලා ගිහින් කතානයකට චිට් එක දීලා බලපල්ලා.. හුකෑස්..

  6. බයියා says:

    ආයෙ ඉතිං ඔය ඉල්ලීම් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද පෙට්ටි කඩයක්වත් කරපු උං යෑ මුං. ඒව කරන්නෙත් ධනපතියො කියල හිතාගෙන ඒව ගිනිතියපු උං නෙ. ඒ වගේ වගේ උන්ට Telecommunication networking costing කියල දෙනව කියන්නෙ හරක්ට අනුකලනය කියල දෙනව වගේ වැඩක් .

  7. Saboor Marikkar says:

    Kalochitha illeemak

  8. පාලු ගෙයි වලං බිදින කාලකණි, ජවිපේට අපහස කර කර ඉන්නේ නැතිව බලපියවි මුං මෙි මොනවද කායන්නේ කියල අමන කාලකණියෝ.

    • Jepi buster says:

      මුන් කියන්නේ මුන්ට දුප්පත් මිනිහෙක් ජදපු බෙහෙත් එපා, ධනේශ්වර කොම්පැනි කාරයො හදපු බෙහෙත් ඕනෙ කියලා.

    • uditha,,, says:

      උබට තේරේ නැද්ද මඩ ගහන්න නොමිලෙ ඉන්ටර්නෙටි ඔනෙලු

  9. Ratawasiya says:

    Ekekwath munta hodak kiyannema nadda

  10. උක්කුං මල්ලී says:

    බහු ජාතික සමාගම් ඩේටා විකුණා අපේ තුට්ටු දෙක සූරාගෙන කනවා.එහම එකේ පාසල් දරු දැරියන්ට නොමිලේ ඩේටා දුන්නට ඔය කොම්පැණි වැටෙන් නෑ. කවුරු කරත් කාලෝචිත ඉල්ලීමක්. කවුද හරි කියලා නෙවෙයි හිතන්න ඕන මොකක්ද හරි කියලා. අපේ සමහර අයට ඉතින් රාජපක්ෂලාම කරන්න ඕනනේ.අනේ මන්ද වහල් කමේත් සීමාවක් තියෙන්න ඕන.

Main News