ඉන්දියවේ සිට කොරෝනාවට බයෙන් ලංකාවට පනී.. හය දෙනෙක් අත්අඩංගුවට..

June 7, 2020 at 12:00 pm | lanka C news
ඉන්දියවේ සිට කොරෝනාවට බයෙන් ලංකාවට පනී.. හය දෙනෙක් අත්අඩංගුවට..

කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (06) දින මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ පවතින කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් පසුගිය 02 වනදා පියෙකු සහ දියණියක් ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයේ බෝට්ටුවකින් තලෙයිමන්නාරම් මුහුදු තීරයට මන්නාරම් පණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයට පැමිණ සිටියදී මඩු පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව එම දෙදෙනාට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් පැමිණීමට සහය දුන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු මන්නාරම් පොලිස් බුද්ධිඅංශ නිලධාරීන්ගේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩ දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

174 views
Main News