ඉන්දියානුවන් කොරෝනාවට බයේ උතුරට පැන එති…

May 14, 2021 at 6:26 am | lanka C news
ඉන්දියානුවන් කොරෝනාවට බයේ උතුරට පැන එති…

ඉන්දියාවේ මේ වන විට පවතින දැඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන්දියානුවන් උතුරට රහසිගතව පැමිණෙමින් සිටින අතරතුර ඉන්දියානුවන් රැගෙන එමේ ජාවාරමක් පිළිබඳවද අනාවරනය වී ඇති හෙයින් එලෙස පැමිණි 09 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව සහ පොලීසිය පවසයි.

මන්නාර මුහුදු තීරයට ඉන්දියාවේ සිට පුද්ගලයෙකු බොට්ටුවකින් රහසිගතව රැගෙන එමින් සිටියදී නාවික හමුදා භාරයට පත්ව ඇති අතර එහිදී ඉන්දියානුවා සමග ජවාරම් කරුවන් දෙදෙනෙකු යාත්‍රාෙව් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එයට උදව් කර තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර සෙසු සිව් දෙනා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

මේ අතර ඉන්දියාවේ සිට රහසිගතව යාපනයට බොට්ටුවකින් පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනෙකු සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාල පිරිස් වෙතට සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවස තුලම දින 14 ක් පළමුව නිරෝධායනය කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර අදාල පිරිස් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙන ආ පුද්ගලයින් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,864 views

6 Comments to “ඉන්දියානුවන් කොරෝනාවට බයේ උතුරට පැන එති…”

  1. Dp says:

    මේක භයානක තත්ත්වයක්. උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ සීමාව අඩු කළ යුතුයි

  2. die india die fockin arseholes says:

    kill and burn them all. bloody indian cow shits. that it the proper treatment for their cowardly political bullshite against us Sri Lankans.

  3. සමන් says:

    Navy eke මොඩ පිස්සෝ
    මුන්ට okavath බැරි d
    අපේ සල්ලි වලින් බදු ගහ ගහ ඇති

  4. බූරු පුතාණෝ සජියා says:

    මන්නාරමේ මිනිස්සු චිත්‍රපටි බලන්නත් ඉන්දියාවට බෝටිට වලින් යන එකේ උන්ට ලංකාවට එන්න බැරිකමක් නැහැනෙ.

  5. 3% ට බය බයියා. says:

    කෝ ජාතික ආරක්ෂාව අපේ හාන්දුරුවනේ ..

Main News