ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට…

July 18, 2020 at 2:05 am | lanka C news
ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට…

සංචාරක විසා මත මෙරටට පැමිණ හැටන් නගරයේ ජොතිශ්‍යය කටයුතු වල නියැලි සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් නගරයේ බස් නැවතුම්පොල අසල කඩ කාමරයක් කුලියට ගෙන ජොතිශ්‍යය කටයුතු වල නියැලි සිටි බවත් , ඉන් සැකකරුවන් දෙදෙනෙකුට නිකුත් කර තිබු සංචාරක විසා කල් ඉකුත් වි මාස හයක් පමණ ගතවෙන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

ඉන්දියවේ බැන්ගලොර් සිට පැමිණි අය බවත් , සංචාරක විසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු වල නියැලිමට ඔහුන්ට නොහැකි බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,208 Viewers
Main News