ඉන්දියානු මහ කොමසාරිස් උතුරු ආණ්ඩුකාරතුමා හමුවේ..

June 30, 2017 at 2:32 am | lanka C news
ඉන්දියානු මහ කොමසාරිස් උතුරු ආණ්ඩුකාරතුමා හමුවේ..

ඉන්දීය මහ කොමසාරිස් තරංඡත් සිං සාන්දු මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඞ් කුරේ මැතිතුමා යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී හමුවිය.එහිදී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඇති මිත‍්‍රත්වය තව තවත් වර්ධනය කරගැනීමට මෙම සාකච්ඡුාව මහත් පිට්වහලක් විය.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්තුමා එරට තුල ඇති තාක්ෂණික දැනුම ශ‍්‍රී ලංකාවට ලබාදෙන බවත් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ ඇති සුවිශේෂි වූ වෙළඳ ව්‍යාපාර වර්ධනය කරගැනීමට හැකි බවත් ඒ අතුරින් ධීවර කර්මාන්තයට ප‍්‍රධාන ස්ථානයක් ලබාදී එම කර්මාන්තය නගා සිටුවීමට පිළිබඳවද ගැඹුරින් සාකච්ඡුා කෙරිණ.

උතුර සංවර්ධනය සඳහා පැහැදිලි සැලැස්මක් අවශ්‍ය බව ප‍්‍රකාශ කල මහ කොමසාරිස්තුමා මධ්‍යම රජය සහ පළාත් සභාව එකතුවී උතුරේ සියලූම අංශයන් සංවර්ධනය කිරීම සඳහා සැලැස්මක් නිර්මාණය කරන ලෙසද යෝජනා කෙරිණි.

දුපත් මානසිකත්වයෙන් මිදී දියුණු ලෝකය හා සම්බන්ධවී කටයුතු කලයුතු බව ප‍්‍රකාශ කල මහ කොමසාරිස්තුමා ඉන්දියානු වෙළඳපල සමඟ එකතුවී එම වෙළඳපල සමඟ ගණුදෙනු කිරීම තුලින් ලංකාවට විශාල ශක්තියක් ලබාගත හැකිබවද ප‍්‍රකාශ කළේය.

සූර්ය බල ශක්තිය, පශු සම්පත් කළමණාකරනය, ජල කළමණාකරනය, ආහාර සැකසුම්, කෘෂිකාර්මික කටයුතු හා එයට සම්බන්ධ සියලූ අංශයන් පිළිබඳව කරුණු සාකච්ඡුා කල අතර දෙරටේ එකමුතුකම තුලින් වඩාත් හොඳ වෙළඳපලක් සහ විශේෂයෙන් උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් සකස් කල හැකි බව වැඩිදුරටත් එතුමා ප‍්‍රකාශ කළේය.

– වජිර කොඩිතුවක්කු

75 views
Main News