ඉන්දියානු මානුෂිය ආධාර නුවරඑළියේ බෙදයි..

May 29, 2022 at 8:02 am | lanka C news
ඉන්දියානු මානුෂිය ආධාර නුවරඑළියේ බෙදයි..

ඉංදියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එම ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 28වන දින සිදු කරන ලදි.

දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ආදාල මානුෂිය ආධාරවල පලමු කොටස නානුඔය දුම්රිය ස්ථානයේදි බාර ගත් නන්දන ගලබඩ මහතා එම ආධාර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් හරහා වතු සමාගම් වෙත ලබා දීම මෙහිදි සිදු කරන ලදි.

එම ආධාර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා සහල් මෙට්ට්‍රික් ටොන් 1750ක් හා කිරි පිටි මෙට්ට්‍රික් ටොන්21ක් ලැබිමට නිමිත බවත් මෙම ආධාර යටතේ මෙම දිස්ත්‍රික්කයේ එක් පවුලක් සදහා සහල් ක්‍රිලෝ 10 බැගින් ලබා දිමට පියවර ගන්නා බව නන්දන ගලබඩ මහතා පැවසිය.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 60314කට, කොත්මලේ ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ පවුල් 34012කට, වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 36502කට, හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 32305කට, අඹගමුව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ පවුල් 81504කට මෙම ආධාර ලබා දිම සිදු කරන බවද ඔහු පැවසිය.

මෙයට අමතරව ලැබුන කිරිපිටි පාර්සල් 4000 බැගින් මෙම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශ වෙත ලබා දිමට පියවර ගන්නා බවත් එම කිරිපිටි ක්‍රිලෝ එක බැගින් එම බල ප්‍රදේශවල කිරි දෙන මවුවරුන්, ගැබිනි මවුවරුන් හා අවුරුදු 05ට අඩු ළමුන් සිටින පවුල් සදහා බේදා දිමට පියවර ගන්නා බවද නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පවසන ලදි

– මනුර සුදත් සෙල්ලහේවා

20,293 views

7 Comments to “ඉන්දියානු මානුෂිය ආධාර නුවරඑළියේ බෙදයි..”

  1. atta says:

    අනේ අපෝ? ඉන්දියාවේ මිනිස්සුන්ට සහෝ, ටොයිලට් එකක් වත් නැහැ. ඒකටවත් වත් කමක් නැහැ. මෙහෙමත් ආධාර දෙනව පුදුමයි. උන්ට වේල කන්න නැහැ. අපට ආධාර දෙනව. අහන්නත් සතුටුයි පරාර්ථ කාමිත්වය.

    • Boo says:

      නෑ නෑ ඉන්දීය ආධාර අපිට නෙමෙයි. ඉන්දීය සම්භවයක් ඇති උන්ට විතරයි. ඒකයි ඒ ආධාර මොනරාගල හෝ එවන් අන්ත දුෂ්කර පැතිවලට නොගියේ.

      උතුරේ පාසැල්වල ගුරැවරැ ස්ට්‍රයික් කරන්නෙත් නෑ. ඒ වුනාට අපේ අයට පඩි මදි කියලා ස්ට්‍රයික්. අපේ පොඩි උන් අනාතයි.

      වෙන්නෙ මොකක්ද කියලා තේරෙනවනේ!

  2. Stupid says:

    ඉන්දිය මානුෂිය අධාර උතුරට සහ වතුකරයට පමනද?

  3. Kasun Perera says:

    බොහොම සතුටුයි අපගේ පාලකයන් අපව පත් කර ඇති තැන පිලිබදව

  4. සම්පත් says:

    ඉන්දීය ආධාර දීලා තියෙන්නේ උතුර, නුවර, බස්නාහිර, නැගෙනහොර යන දෙමළ ජනතාව වැඩිවශයෙන් පදිංචි ප්‍රදේශ වලටයි. ලංකාවේ දුප්පත්ම පළාත තමයි කුරුනෑගල, බදුල්ල යන පැති. ඒ පැතිවලට නේද හරිනම් ආධාර දෙන්න ඕනේ?

  5. john the Baptice says:

    මේ අය නැවත බාරගත්තානම් මිට වඩා හොදයි .

  6. අප්පච්චි මලා says:

    ගම්පහින් පාර්ලිමේන්තු ගිය බැසිල් , ගොඩහේවා ගම්පහ නැති බැරි මිනිස්සු වෙනුවෙන් කවද්ද කිරිපිටි , හාල් බෙදන්නෙ ?

Main News