ඉන්දියාවට එරෙහිව යාපනය සරසවියේ සිසුන් විරෝධය පා පාරට බසී…
May 28, 2018 at 5:30 pm | lanka C news
ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩිතැබීමේදී මිය ගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේයැයි ඉන්දියාවට විරෝධය පාමීන් යාපනය සරසවි සිසුන් අද (28) උදෑසන විරෝධතාවක නිරතවූහ.
යාපනය සරසවිය ඉදිරිපිටදී යාපනය වශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සවිධානය කොට තිබූ අතර විරෝධතාවය සඳහා සරසවි සිසු සිසුවියන් රැසක් සහභාගී වී සිටියහ.
මෙරට පැවති අවසන් යුද්දයේදී මුලතිව් මුල්ලිවයික්කාල්හි මිය ගිය සාමාන්‍ය වැසියන් මෙන් ඉන්දියාවේදී කිසිදු හේතුවක් නොමැතිව සාමාන්‍ය වැසියන්ට වෙඩිතබා මරා දැමීම මානව අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවටත් ඉන්දියාවේ පොලිස් නීතිය දැඩි ලෙස හෙලා දකිමින් මිය ගිය ජනතාවට වහාම සාධාරණයක් ඉටුවිය යුතු බවටත් නැවත මෙවැන් සිදුවීමක් නොවීමට ඉන්දියාව වගබලාගත යුතු බව පවසමින් මෙම විරෝධතාව සරසවි සිසුන් විසින් සංවිධානය කොට තිබුණි.
ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදිකෙරුනු රසායනික කම්හලක් වසාදමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයකදී ගම්වාසීන් විසින් ප්රචාණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලීසියෙන් සිදුකල වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු මේ වන විට මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මේ වන විට ලොව පුරා ජනතාව විසින් ඉන්දීය පොලීසියට එරෙහිව විරෝධතාවන් දැක්වීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දියාවේ වාමාංශිකයොත් ඉගෙන ගන්න ඇත්තේ රතුපස්වල ජේවීපී කැරැල්ලෙන්.
This is an internal matter of India and therefore, no need to protest by us as India has the wisdom to settle those matters.
Why do not you all protest against the Government of Sri Lanka for the high cost of living and price increases in Fuel and all essential commodities in Sri Lanka.
Where are the so called Tamil leaders who are supposed to look after the Tamil masses?
the situation in north getting uglier day by day. i wonder from next year or by 2020 we sinhalese will have to face another war.
Very good. You know your country well and you have right to against Indian police as Tamils.
Why do they mention Sri Lankan issue ?
Just talk about the bloody incidents in India.
It is not a genuine protest. They took that as an opportunity to highlight Sri Lanka !
Have the RAW asked these Uni students to put up a show?????????????
Why did they wait sooooo long to agitate against India?
India is their friend. They trained the ltte.
This is not news……….. But a hidden agenda.
Sri Lanka media giving free publicity to a RAW agenda
Jai Ho India We are with you
Act of RAW
People be aware of plans plotted in cunning way
Game is serious now
It is no more what we see on the surface.
Jvp constitution is also has same RAw in the background.
May be big polticians subcummed to pressures to save thire future?