ඉන්දියාවට ත්රිකුණාමල වරාය දෙනවා.. හම්බන්තොට වරාය චීනයට දුන්නා – ෆොන්සේකා..
January 19, 2017 at 3:50 pm | lanka C news
ඉන්දියාවට ත්රිකුණාමලය වරාය ලබා දෙන බව ප්රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඉන්දීය ‘ද හින්දු’ පුවත්පතට අදහස් පල කරමිනි.
අදාල ගනුදෙනුව ඉතා ඉක්මනින්ම සිදුවනු ඇතැයිද ඇමතිවරයා එහිදී ප්රකාශ කර ඇත.
චීනයට හම්බන්තොට වරාය පැවරීම නිසා ශ්රී ලංකාවට වඩාත් වාසිදායක වූ බවද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.