ඉන්දියාවට විරෝධය පා උතුරේ විරෝධතා…

May 26, 2018 at 2:09 am | lanka C news
ඉන්දියාවට විරෝධය පා උතුරේ විරෝධතා…

ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩිතැබීමේදී මිය ගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේයැයි ඉන්දියාවට විරෝධය පාමීන් උතුරේ විරෝධතා වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇත.

යාපනය ,කිලිනොච්චිය , මුලතිව් ,මන්නාරම් හා වව්නියාව යන දිස්ත්‍රීක්කයන්හි මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට ඇති අතර මිය ගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ආත්මයන් වෙනුවෙන් ශාන්තිය පතා පහන් දැල්වීමටද විරෝධතා කරුවන් විසින් පියවර ගෙන තිබුණි.

මුලතිව් හාමන්නාරම් දිස්ත්‍රීක්කයන්හි 25 දින මෙම වරෝධතා පැවත්වීමට ප්‍රදේශවාසීන් රැසක් විසින් පියවර ගෙන ඇති අතරම කිලිනොච්චිය කන්දසාමී කෝවිල් ඉදිරිපිට හා යාපනය වඩමාරච්චි ප්‍රදේශයන්හි 24 දින ප්‍රදේශවාසීන් රැසක් විසින් මෙම විරෝධතාවයන් සිදු කෙරිණි.

ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදිකෙරුනු රසායනික කම්හලක් වසාදමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයකදී ගම්වාසීන් විසින් ප්‍රචාණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලීසියේ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති හෙයින් වහාම ඉන්දීය රජය විසින් සාධාරණ පරික්ෂණයක් සිදු කොට ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,644 Viewers