ඉන්දියාවන්, චීනයන් කම්කරුවන් ගෙන ඒමට අවසර දෙයි.. අලුතින් අරඹන නව කර්මාන්තවලට කම්කරුවන් පිටරටින්…
February 5, 2017 at 3:50 pm | lanka C news
රටේ කම්කරු වෘත්තීය සඳහා ශ්‍රම බලකය හිගවීම සංවර්ධනයට උග්‍ර ගැටලුවක් බැවින් විශේෂයෙන්ම ඉදිකිරිම් සහ කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා ඉන්දියාවෙන් සහ චීනයෙන් වසරක විසා ලබාදීම යටතේ කම්කරුවන් ගෙන්විමට රජය අවසර ලබාදි ඇති බව සන්ඩේ ටෛම්ස් ව්‍යපාර සංසදය රැස්මේ දි ප්‍රකාශ කල බව අද සන්ඩේ ටෛම්ස් පුවත් පත වාර්තා කොට ඇත.
රටේ සංවර්ධනයට කම්කරු හිඟය විශාල බාධාවක් බව ව්‍යපාර ප්‍රජාව විසින් මෙහිදී පෙන්වා දි ඇති බවත් එයට විසඳුමක් ලෙස මේ වනවිටත් ඉන්දියාවෙන් සහ චීනයෙන් කම්කරුවන් සුලු වශයෙන් වසරක කෙටි කාලයක් සඳහා වීසා යටතේ දැනටමත් ගෙන්වා ඇති අතර මෙම අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරියේදී වැඩි වශයෙන් එම රටවල් වලින් කම්කරුවන් ගෙන්විමට අවශ්‍ය බව ද එහිදි සාකච්ඡා වූ බව කොළඹ කිංග්ස්බ්රරි හෝටලයේ පසුගිය පැවති එම සංසදයේ රැස්වීමේ දි අනාවරනය කොට ඇත.
නුහුපුහුණු, අර්ධ පුහුණුව මෙන්ම පුහුණු කම්කරුවන් අත්‍යවශ්‍ය පෙන්වා දුන් කොළඹ විශ්ව විද්‍යාලය කාලා පිඨයේ අංශ ප්‍රධානි මහාචාර්ය අතුල රණසිංහ ප්‍රකාශ කල සිටියේ ඔහුන් කරන ලද සමීක්ෂණය අනුව දැනටමත් 58% හිඟයක් ඇගලුම් අංශයයේත් ආහාර නිෂ්පාදනයේ 20% කුත් අනිකුත් කර්මාන්තය නිෂ්පාදන අංශයේ 33% කුත් කම්කරු හිඟයක් පවතින බව එහිදි පෙන්වා දුන් බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් කරයි.